Tuesday, January 22, 2013

වලව්වේ තිබුණු නිධානය රාජ භාණ්ඩාගාරයට


වලව්වේ තිබුණු නිධානය රාජ භාණ්ඩාගාරයට

‘මට කිසි ගේමක් නෑ. ෆෝර්සස් :ත්‍දරජැි* ඉන්න,  ඕන ලොක්කෙක් අඳුනනවා. අවුලක් නම් මට කියපං’
මේ නිතර නිතර තිවංකගේ කටෙන් පිටවන වචන මාලාවකි.
තිවංක ප‍්‍රදේශය පුරා ප‍්‍රචලිතව සිටියේ ආරක්ෂක සේවයේ යෙදෙන්නෙක් ලෙසය. එහෙත් ඔහු කිසිම ලෙසකින් ආරක්ෂක අංශයකට සම්බන්ධ නොවූ කෙනෙක් බව දැන සිටියේද තිවංක පමණය. එනිසාම කිසිම වෙහෙසක් නොදරා මෙකී බොරුවෙන් මහත්වූ ඵලයන් ලබන්නට තිවංකට හැකි වූයේ පෙර පිනක් ලෙසිනි.
දිනක් තිවංකට මිතුරකුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙන්නේ සුපුරුදු පරිදි තවත් නිධානයක් ගොඩගැනීම සඳහා වූ ඇරයුමක් ලෙසිනි.
‘හොඳ ෂුවර් තැනක්. පොඩි ට‍්‍රයි එකක් දෙමුද?’ තිවංකගේ වංචනික වැඩකටයුතු අතර නිදන් හෑරීමට යෑම ප‍්‍රධාන දෙයකි. අඩු වෙහෙසකින් වැඩි ලාභයක් ලැබිය හැකි නිසා නිදන් හැරීමට තිවංක තදබල කැමැත්තක් දැක්වූවේය.
මිතුරාගේ යෝජනාවට තිවංක වැඩි කැමැත්තක් නොදැක්වූවත් දිනක් තිවංකගේ මිතුරාවූ ධම්මික නිධානය ඇති තැනෙහි ඡුායාරූපයක්ද රැුගෙන තිවංක හමුවන්නට පැමිණීම, තිවංකගේ ඉරණම වෙනස් කරන්නට සමත් විය. ඡුායාරූපය දකින තිවංක එය සැබෑවටම නිධානයක්ම බව ක්ෂණයෙන්
වටහාගන්නට වූයේ ඒ ගැන ඇති අත්දැකීම් නිසාය. ‘ටිකක් හොයලා බලමු. දවසක යං තැන බලන්නත් එක්ක පොඩි රවුමක්’ නිධානය තිබූ බවට හෝඩුවාව ලැබුණේ පැරැුණි වලව්වකය. තිවංකත්, ධම්මිකත් සෙමින් සෙමින් කාත් කවුරුවත් නැති වලව්වේ වත්තට පිවිසුණහ. වලව්වක් කියා හැඳින්වුවද තවදුරටත් මෙහි වලව්වක් නම් නොවීය. ඒ වෙනුවට පැවතියේ නටබුන්ව ගිය ගඩොළු ගොඩකි. වලව්වේ වත්තේ කෙළවරක ගල් තලාවකි. මහා පදාසයක් වසා සිටි ගල්තලාව වලව්වේ වත්ත ඉක්මවා එහායින් තිබූ ඉඩමද වසා ගනිමින් තිබිණි. ගල්තලාවේ එක් කොනක් වෙත ගිය තිවංක නිධානයේ ඉඟි තම විමසුම් දෑසට හසුකර ගන්නට විණි.
නයි පෙණ හතක් සහිත මුද්‍රාව ගලේ කොටා තිබිණි. එහි වූ නාගයාගේ දෙඇස් කෙලින් අනිත් පසෙහි වූයේ පඩිපෙළකි. එම පඩිපෙළ නැගගිය තිවංකටත් ධම්මිකටත් හමුවූයේ
පැරැුණි ජල පොකුණකි. කිසිවකු හා එකවරක් කතා කළ පමණින් කෙනකුගේ සිත දිනාගත හැකි චරිතයක් වූ ධම්මිකට ගමේ ග‍්‍රාමසේවක තැන තමන්ගේ පැත්තට නම්මවා ගැනීමට එතරම් අපහසු නොවීය.
එහෙත් ඔවුන්ගේ සැලසුම පරිදි ආවාට ගියාට දිනයක් දාගත නොහැකි විය. නිධානය ඇති ප‍්‍රදේශය අයත් පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පළාතේම අණසක පතුරා සිටියේ කිසිවෙක්ට හෝ නීතියේ දැලෙන් පැන යන්නට නොහැකි ලෙසිනි.
විශ්වාසවන්ත ආරංචි මඟින් පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු ගන්නා දිනය සොයාගන්නා ධම්මික, තිවංක හා එක්ව එම දිනය තම දිවියේ වාසනාව උරගා බලන දිනය ලෙස තෝරාගන්නේ සියලූ සැකයන් ඉවත්කර ගනිමිනි.
‘පොලීසියේ ලොක්කා නෑ කියන්නේ අපි ගොඩ කියලා තමයි’
මෙලෙසින් ධම්මික හා තිවංක සිය කර්තව්‍ය සඳහා පිරිස සූදානම් කරන්නට ලක ලැහැස්ති වූහ. ඒ අනුව ඈත ගමකින් යකැදුරකු සොයා ගත් ධම්මික නිධානය හැරීමට අවශ්‍ය ‘යන්ත‍්‍රසූත‍්‍ර’ පිළිබඳ දේ ඉටුකිරීමට තිවංකට පැවරීය.
යන්ත‍්‍රසූත‍්‍ර සියල්ල තිවංක සූදානම් කරගත් අතර අවශ්‍ය පිරිස සූදානම් කරවූයේ ධම්මිකය. පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා ගන්නවා යැයි කියූ දිනයට පෙර දිනය පිරිස ගමෙහි නිවසකට රැුස්වූයේ පෙර සැලසුම් කරගත් ලෙසිනි.
? බෝවූවිට කළුවරේම, කාටත් වහන්ව නිධානය සන්තක කරගැනීම මොවුන්ගේ අරමුණ විය. එහෙත් ඊට පෙර කළ යුතු වතාවත් රැුසකි. නිධානය වෙත යන පිරිසට ‘ආරක්ෂාවක්’ වුවමනා විය. එනිසා නිවෙස් සඳහා යොදනා ‘ආරක්ෂාවකින්’ රැුකවරණය පතන්නට යකැදුරා පෙළඹුණේය. අස්, අලි, ඇත් රූපයන්ද, ත‍්‍රිශූල හා කඩු රූපයන්ද අළු මුට්ටි සතරක්ද ඇත්දළ පස්, මුහුදු පස් ආදී
අඩුවැඩිය යකැදුරු පෙරදීම සූදානම් කර තිබිණි.
පුද පූජා කොට අවසන්ව, අළු මුට්ටි සතර නිවසේ සතර කොනේ වැළලූ යකැදුරා නූලක් ගෙන එයට මන්ත‍්‍ර ජප කරන්නට වූයේ අයාගත් දෑසෙනි. මන්ත‍්‍ර ජප කර අවසන්ව එහි කොටස් පිරිසේ අතෙහි බැඳ ‘ආරක්ෂාව’ අවසන් කරන විට මැදියමට හෝරා දෙක තුනක් ඉතිරිව තිබිණි.
පැරැුණි වලව්ව වූයේ ගමෙහි එක් කොනකය. ධම්මික, තිවංක ඇතුළු පිරිස සිටි නිවස තිබුණේ ගමේ අනිත් කොනේය. මේ අතරෙහි වූයේ ගන කැලෑවයි. මෙකී කැලෑවේ ගැමියෝ හේන් ගොවිතැන් කළහ. හේන් ගොවියෝ වෙහෙස මහන්සිවී වගාකළ දෑ වන අලීන්ගෙන් රැුකගැනීමට අවශ්‍ය නිසාම ගොවියෝ ? එළිවන තුරු පැල් රැුක්කහ. ගිනි මැළ දල්වා සිටියහ. යකැදුරා ළඟ මේ සඳහාද පිළියමක් වූයෙන් තවදුරටත් එයද ගැටලූවක් නොවුණි. නර ඇඳිරියක් දමා ගත් පිරිස ගමන පිටත්වූහ. නර ඇඳිරිය යනු යන්ත‍්‍රමන්ත‍්‍ර සාස්තරයේ දෙයකි. මෙයද ආරක්ෂාවකි. මේ ඇඳිරිය දමාගත් අයෙක් තවත් අයෙක්ගේ ඉදිරියෙන් ගියත් ඔහුට අනෙක් තැනැත්තා දෙස බලන්නට අවස්ථාවක් නොලැබේ. එනිසා නර ඇඳිරියේ පිහිටෙන් කාටත් නිධානය කරා අන් අයට නොපෙනී යා හැකිව තිබුණි.
මානා පඳුරු අතරින් කළුවරේම පිරිස ගමන් ගන්නට විණි. කණාමැදිරි එළි හැර අන් එළියක්ද නොවූයෙන් පිරිස ගමන් ගත්තේ අපහසුවෙනි. රැුහැයි හඬට මැදිවූ පිරිස තව ටික දුරක් ගොස් හේන් ඇති ස්ථානය ළංවන විට ? මැදියම පසුවී තිබිණි.
අතරින් පතර ගස් මතවූ පැල්වලින් ගලා ආ ලාම්පු එළියක් පිරිසට ඉදිරි මඟ පෙන්වීය. යකැදුරා පිරිසේ ඉදිරියෙන්ම ගමන් ගත් අතර එකිනෙකා පසුපසින් එකිනෙකා ගමන් කරන්නට වූයේ බියෙන් හා සැකයෙනි. ඒ වන විටත් පිරිසෙන් කෙනෙක් ‘කිල්ලට’ හසුව තිබිණි. අන් අය පැල් මත සිටි ගොවීන්ගේ දෑසට හසුනොවුණද ‘තිවංකව’ පමණක් ගොවියෙක් හොඳින් දුටුවේය.
නර ඇඳිරියට හසුවන්නේ මස් මාංශවලින් තොර වූවන්ය. එනිසා සියල්ලෝම ආරක්ෂාව සඳහා ‘පිළිවලින්’ තොරව පේවී සිටිය යුතු වුවත් නාහෙට නාහන තිවංක නම් එය කනකට ගත්තේම නැත. ඒ වැරැුද්දෙන් ‘නර ඇඳිරිය’ ඔහුට නම් ඵලක් නොවීය. එනිසාම තිවංක හේනක මැස්සක සිටි ගොවියෙක්ගේ දෑසට හසුවූයේය. වලව්වේ නිධානයක් ඇති බව මේ ප‍්‍රදේශයේ කොහොමටත් ප‍්‍රචලිතය. අනෙක් අතට යක්කු ගස් නගින වෙලාවේ තනි මිනිහෙක් මේ හේනක් මැදින් කොහි යන්නේදැයි කුකුසක් මේ ගැමියාගේ සිතට නැගුණේය. සැකය නිසාම ගැමියා ගසෙන් බැස තිවංක පසුපසින් ගමන් කරන්නට වුණි.
මේ කිසිවක් නොදන්නා පිරිස නිධානය ඇති බිමට ළඟා වූහ. නිධානය ගොඩදැමීමට ප‍්‍රථම කළයුතු පුදපූජා සඳහා වේලාව ඇරඹිණි. පසුපසින් ආ ගැමියා ගසකට මුවාවී පිරිස දෙස බලා සිටියේය. තමන් දෙස කිසිවකු බලා සිටිනා බවක් නොදන්නා පිරිස පුදපූජා වැඩ ඇරඹූහ.
මුලින්ම යකැදුරා සිදුකළේ තමන්ගේ නර ඇඳිරිය ඉවත්කර දැමීමයි. ඉන්පසු රතු රෙද්දක් හැඳි ඔහු මහ හඬින් ශ්ලෝක කියන්නට විණි. ආවේෂයෙන් එහාට මෙහාට වැනෙමින්, ඔළුව කරකවමින් ඔහු මන්ත‍්‍ර කියන්නට පටන් ගත්තේය.
සොහොන් කාලි වෙනුවෙන් කුකුළෙකුගේ බොටු කඩා කොස් කොළ ගොටුවල ලේ පුරවා, බහිරවයන් වෙනුවෙන් පිරිත් කියමින් ආත්ම නිදහස් කරන බවට පොරොන්දු වෙමින්ද යකැදුරු පුද පූජාව දිගටම කරගෙන ගියේය.
යකැදුරා මෙසේ පුද පූජා කරගෙන යන අතරේ, ඔවුන්ට නොදැනී තවත් යමක් සිදුව තිබිණි. වලව්වේ හාමුගේ අවතාරයට බියව දිව ගිය ගොවියා ‘මෙය’ තම අසල්වාසීන් හා පැවසුවේය. වලව්වේ වත්තේ නිධානයක් හාරන බව පොලීසියට දැනුම් දුන් ගැමියෝ පොලීසිය සමගින් විත් නිධානය ඇති බිම වටකොට සිදුවන්නට යන දෙය දෙස බලා හිඳින්නට වූහ. තිවංකගේ අවාසනාවකට දෝ එදින රාජකාරි නිවාඩු දමා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා එය අවලංගු කර රාජකාරියට වාර්තා කර සිටියේය. ඔහුද පිරිස අතරේ හිඳ මෙය නරඹමින් සිටියේය.
නිදන් හොරු පුදපූජා අවසන් කර නිධානය ගෙඩදැමීමට යුහුසුලූ විය. නිධානය තිබුණේ ගල් තලාවකය. එහි එක් තැනක ගල්තලාවට පැලැස්තරයක් දැමූ බවට පෙනෙන්නේ එදෙස සියුම්ව බැලූ අයකුට පමණි. නිධානය නිදන්ව තිබුණේ මෙම පැලැස්තරයට පහතිනි. නිධානය ගොඩදැමීමට නම් මෙම ගල් පැලැස්තරය කඩා බිඳ දැමිය යුතු විය.
මෙහිදී යන්ත‍්‍රසූත‍්‍ර තිබුණද භාවිත කළ නොහැකි වූයේ ඉන් නැගෙන ‘ශබ්දය’ වංචාව ලොවටම හෙළි කරනා බැවිනි. මෙහිදී තිවංකගේ සැලසුම වූයේ රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් ගල පලා දමන්නටය. නිදන් ගොඩ දැමීමේ හසල අත්දැකීම් තිබූ නිසාම තිවංකගේ බෑගයේ ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය විය. ගල පලා දැමූ පිරිස වඩවඩාත් නොඉවසිලිවන්ත වූයේ තමන්ට පෙනී නොපෙනී තිබූ නිධානය සන්තක කරගැනීමටය. බැලූ බැල්මට නිධානය එකවරම නොපෙනිණි. පහළ වූ වළ තුළ වූයේ පැරැුණි ශෛලමය පෙට්ටියකි. එදෙසට විදුලි පන්දම ගැසූ තිවංකගේ මුවේ ඇඳුණේ ජයග‍්‍රාහී සිනාවකි. පත්ලෙන් මතුවූ පෙට්ටිය තරමක් විශාලය. එනිසාම මෙවෙලේ යකුන් දෙදෙනාගේ සහය පිරිසට වුවමනා විය. යකුන්ගේ පිහිටෙන් ගල් පෙට්ටිය ගල මතුපිටට පැමිණියේය. එහෙත් අතට ගත් දේ කටට දාගන්නට නිදන් හොරුන්ට නොහැකි වූයේ පෙර කළ පවක් ලෙසිනි. මේ සියල්ල දෙස බලා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා නිධානය නිදන් හොරුන් සන්තක වන්නට ඉඩ දුන්නේ නැත. එනිසාම වසර 400ක් පමණ පෞරාණික වස්තූන් රාජ සන්තක වූ අතර නිදන් හොරු අද ද හිර බතේ රසවිඳිමින් සිටිති.

රසිකා රාජපක්ෂ
අනුරුද්ධ වේලාරත්න

No comments:

Post a Comment