කොහොමද තාත්තේ මැරුවේ අපි තිදෙනා
පේ‍්‍රමයත් වෛරයත් අතර ඇත්තේ කෙස් ගසක පරතරයක් බව ඔබ අසා ඇතිවාට සැක නැත. විටෙක පේ‍්‍රමයෙන් මුසපත් වන සිතටම වෛරයෙන් දැවෙන්නට ඇසිපිය හෙළන නිමේශයක් හොඳටෝම ප්‍රමාණවත් වන්නේ එනිසාමය. මෙවර ඇඟිල්ල දිගුවන්නේ පේ‍්‍රමය වෛරයට හරවා ගැනීමෙන් සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් වෙතටයි.
සචේතනා සඳමාලිට යෞවනයේ ආදර උණුසුම දැනුණේ 2003 අවුරුද්දේදීය. ඒ විජයමුණි මධුරංගගේ ආදර
මල්හීසරය වැදීමෙනි. ඔවුන්ගේ ආදර කතාවට බාධාවක් නොවූයෙන් විජයමුණිත් සචේතනාත් දෙපාර්ශ්වයේම ආසිරි මැද 2006 වසරේ මැයි මස 8 වැනිදා යුගදිවි ගමන් ඇරඹුවේ උණුසුම් කැදැල්ලක සිහිනයන් කර දරමිනි.
සචේතනා වෘත්තියෙන් ගුරුවරියක් වූ අතර විජයමුණි මෙරට ප්රමුඛ පෙළේ ඇඟලූම් කම්හලක විධායක නිලධාරියෙක් වූයෙන් අගහිඟකමක සෙවණැල්ලක්වත් ඔවුන්ගේ දිවියේ නොතිබිණි. එනිසාම නව දිවියක් ඇරඹූ යුවළට තමන්ගේම කැදැල්ලක් ගොඩනැගීමේ හීනය කල් යන්නට මත්තෙන් සපුරා ගතහැකි වූහ.
‘වෙලාවකට හිතෙනවා මේ ගේ අපිට ලොකු වැඩිද කියලත්’
අලූත් නිවසේ සුවඳ විඳිමින් සචේතනා පවසනවිට විජයමුණි ඊට එකඟ නොවූයේ,
‘අපේ පවුලට තව ටික දවසකින් අමුත්තකුත් එනවනෙ. එතකොට හරියයි’ කියමිනි. ඒ කියමන සැබෑ කරමින් ඔවුන්ගේ කැදැල්ල කිරි සුවඳින් පුරවාලමින් 2009දී විජයමුණි කුෂාන් සඳරුවන් පුතු උපන්නේ සචේතනාගේත් වියමුණිගේත් පැතුම් ඉටු කරමිනි. කුෂාන් පුතුගේ සිනාවෙන් ඔවුන්ගේ දෙමහල් කැදැල්ල හැඩවෙද්දී සචේතනාත් විජයමුණිත් ඒ හිනාවට එක් වූයේ පුතුගේ අනාගතය ගැන අනේක වූ සුබ සිහිනයන් සිත්හි දරාගෙනය.රූමත් බවින්ද අඩු නොවූ සචේතනා ගුණවත්කමින්ද අඩු නොවූවාය. ඒ නිසාම විජයමුණිගේ මවගේ සිතේද ඈ ගැන තිබුණේ පැහැදීමකි.
මේ අතරේ විජයමුණිගේත් සචේතනාගේත් සතුට දෙගුණ තෙගුණ වූයේ කැදැල්ලට තවත් අමුත්තකුගේ පැමිණීම ගැන දැන ගන්නට ලැබුණුදා පටන්ය.
‘පුතෙක් ඉන්නවනෙ අපිට, මේ වතාවේ දුවෙක් වුණොත් හොඳයි නේද?’
මෙලෙසින් දෙවැනි දරුවා ගැන වූ බලාපොරොත්තුවලින් ඔවුන්ගේ කැදැල්ල පිරී යන අතරේ තවත් අවාසනාවන්ත දෙයක් සිදුවෙමින් පැවතියේය. පුතුගේත් ප්‍රිය බිරියගේත් ආදරයට මැදිව සිටි විජයමුණිගේ සිත වෙනතක යමින් පැවතියේ කිසිවකුටත් නවතාලිය නොහැකි පරිද්දෙනි.
විජයමුණි වනවිට තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හැදෑරූ අතර එම පාඨමාලාව හැදෑරීමට පැමිණි මීගමුවේ තරුණියක් සමගද ඔහුගේ සිත යාවී තිබුණි. ඒ හැරෙන්නට නිතර නිතර සම්බාහන මධ්‍යස්ථානවලට යන්නට එන්නටද විජයමුණි හුරු වූයේ කාටත් හොරෙනි.
එහෙත් ඒ කිසිවක් නොදත් සචේතනා තවත් පුතණුවෙක්ට උපත ලබා දුන්නේ මීට මසකට පමණ පෙරය.
සචේතනා අලූත උපන් පුතුගේ සිනාවෙන් සැනහෙද්දී විජයමුණි සිටියේ තම නව පේ‍්‍රමවන්තිය විවාහ කරගන්නේ කෙසේදැයි සිතා බලමිනි.
‘ගෑනිව ඩිවෝස් කළොත් හැමෝම මට කෑගහයි. ඒ නිසා වෙන විදිහකට ගේම දෙන්න ඕනි’
සචේතනාගෙන් මිදීමට දික්කසාද විය හැකි වුවත් විජයමුණි ඉන් වැළකුණේ මෙම සිතුවිල්ල නිසායි.
එලෙසින් තමාගේම ලොවක තනිවී සිටි විජයමුණි මීට සති කිහිපයකට පෙර සිය රැුකියාවෙන්ද ඉවත් වූයේය.
‘ඇයි විජයමුණි හදිස්සියෙ ජොබ් එකෙන් අයින් වෙන්නෙ?’
‘පොඩි බිස්නස් එකකට අතදාන්න හිතුවා’
විජයමුණි රැුකියාවෙන් ඉවත්වීම ගැන මිතුරන් විමසූවිට ඔවුන්ට පිළිතුරු ලෙස ලැබුණේ එලෙසිනි.
මේ සියල්ල අතරේ අසම්මත පේ‍්‍රමයක පැටලී සිටි විජයමුණි සියලූ බැඳීම් අතර තම නව පේ‍්‍රමය හා එක්වීමේ ක්රමයන් දිගින් දිගටම සොයා බලන්නට වූයේය. එහෙත් සචේතනාගේ අවාසනාවටදෝ තහනම් ආලයේ රසවැටී සිටි විජයමුණිගේ සිත ගමන් කළේ යක්ෂයා වෙතටය. යක්ෂාවේෂ වූ විජයමුණි තම විමුක්තිය වෙනුවෙන් සෑ¥ සැලැස්ම හදවතක් ඇත්තකුට සිතිය හැක්කක්දැයි සැබෑවටම සැක සහිතය. එහෙත් එය සැබෑවකි. ඒ සැබෑව සිදුවූයේ පසුගිය 17 වැනිදාය.
17 වැනිදා රාත්‍රිය උදාවිය. සචේතනා තම බිළිඳු පුතු ඉෂාන්ද තුරුළු කරගෙන දෙමහල් නිවසේ පහත මාලයේ නිදන්නට වූවාය. කුෂාන් තම මලණුවන්ට අම්මාගේ උණුසුම රිසි සේ විඳින්නටදී අනෙක් ඇඳෙහි නිදන්නට වූයේය.
එහෙත් බිරිඳත් කිරිකැටි පුතුන් දෙදෙනාත් සුව නින්දේ පසුවන අතරේ නිවසේ උඩුමහලේ සිටි විජයමුණි අවදිව සිටියේ යක්ෂයාගේ හෝරාව තෙක් මඟ බලමිනි. හඬ නොනගා සෙමෙන් පියවර තබමින් පහළ මාලයට පැමිණි විජයමුණි සිය බිරිඳ හා දරුවන් සිටි කාමරයට පිවිසුණේය. මවට තුරුළුව නිදා ගෙන සිටි මසක් වයසැති සුරතල් පුතුගේ මුව කමල දුටුවත් විජයමුණි ආපස්සට හැරුණේ නැත. ඒ වනවිටත් විජයමුණි සිටියේ ආපස්සට හැරිය නොහැකි පරිදි මරු වියරුවෙනි. සුව නින්දේ සිටි සිය බිරිඳ වෙත ළං වූ විජයමුණි සිය දෙඅතින් ඇගේ ගෙල තද කළේ සිත් පිත් නැත්තකු ලෙසිනි.
මාරාවේෂයෙන් වියරුවී තමන් සමගින් ආදරණීයව ජීවිතය බෙදා ගත් බිරිඳගේ පණ නසන්නට වෙර දරන අතරේ සචේතනා මරු විකලෙන් දඟලමින් තම දිවිය බේරා ගන්නට වෙර දැරුවේය. එලෙසින් සචේතනාගේ දැඟලීමෙන් අනෙක් ඇඳෙහි නිදා සිටි තුන් හැවිරිදි කුෂාන් සඳරුවන් පුතුද ඇහැරුණි. තම පියා හා මවගේ මේ කලබැගෑනිය කුමක්දැයි ඔහු බලා සිටියේය. බියපත් වූ කුෂාන් ‘ආච්චියේ, ආච්චියේ’ ලෙසින් කෑ ගසමින් පලා යන්නට සැරසුණා පමණි. සිතට නැගි මාරාවේෂයෙන් සචේතනා මරා දැමූ විජයමුණි නින්දෙන් ඇහැරුණු තම වැඩිමහල් පුතු දෙසට හැරුණේද වියරුවෙනි. සිය දෙඅතින් ආදරයෙන් නැළවූ පුතුගේ ගෙල සිර කළ විජයමුණිගේ මරණීය පිපාසය එතෙකින් නැවතුණේ නැත. මරා දැමූ බිරිඳගේ කිරි සුවඳ පිරුණු ළමැදට අලූත උපන් සිඟිති පුතු ළං කළ විජයමුණි තමන් වෙත සැකය එල්ල වෙන සියලූ මාර්ග අවුරන්නටද කටයුතු සැලැස්සුවේ උපාශීලී ලෙසිනි.
සුවඳ විලවුන් කුප්පියක් ගෙන එය ඔවුන්ගේ ඇඳෙහි මෙට්ටය මතට හැලූ විජයමුණි මදුරු දැලට ගිනි තැබුවේ තමන්ගේම ලෙයින් උපන් එක් මසැති බිළිඳු පුතු පණපිටින්ම පිළිස්සෙන්නට ඉඩ හරිමිනි. එලෙසින් සිත් පිත් නොමැති ලෙසින් ඔවුන් ඝාතනය කර එය ගිනි ගැනීමකින් සිදු වූ බව හැඟවෙන්න සැලසුම් කරන්නටද විජයමුණි අමතක නොකළේය.
එදින නිදන්නට සැලසුම් කළද යක්ෂයා හා එක්ව සිටි විජයමුණි වෙත නින්ද නම් ළ`ගා වූයේ නැත.
එලෙසින් යක්ෂයාගේ රැුය ගෙවී ගියේය. පසුදා (18* උදෑසන 6.30ට පමණ මේ කිසිවක් නොදත් විජයමුණිගේ මව දුටුවේ සචේතනා නිදා සිටි කාමරයෙන් දුම් පිටවන බවය. එයින් වික්ෂිප්ත වූ ඇයගේ කෑ ගැසීම් හමුවේ උඩු මහලේ සිටි විජයමුණි පහළ මහලට දිව ආවේ කිසිවක් නොදන්නකු ලෙසිනි. ගිනි ගනිමින් දුම පිරී තිබූ කාමරයට ජලය දමා පසුව ඇතුළු වන විටත් සචේතනාත්
සිඟිති පුතුන් දෙදෙනාත් මරුවා සමගින් එක් වී හෝරා කිහිපයක්ම ගත වී අවසන්ව තිබිණි.
පසුව ඔවුන් පොලීසියටද අමතා මේ ගැන දැන් වූ අතර කාමරයේ ඇති වූ ගින්නක් නිසා මෙම මිය යාම් සිදුව ඇති බවට මුලදී සැක කෙරිණි. එහෙත් සැකය දුරු වී සත්‍ය ටික කලකින්ම හෙළි වුණි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සචේතනාත් වැඩිමහල් පුතුත් ගෙල සිර කිරීමෙන් ඝාතනය වූ බවකි. එක් මසැති සිඟිති පුතු ශ්වසන අපහසුතාවක් හේතුවෙන් මිය ගොස් ඇති බවද අනාවරණය විය. කාමරයේ ඇඳන් දෙකෙහ මෙට්ට දෙක පමණක් ගිනි ගැනීමද පොලීසියේ සැකයට භාජනය වූ අතර මෙම ඝාතනයන් ගැන ඇති වූ සැකයන් මත විජයමුණිත් ඔහුගේ මවද නිවසේ සිටි මෙහෙකාරියද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරිණි. එහිදී විජයමුණි පැවසුවේ දරුවාට කිරි දීමට පහසු වනු පිණිස තමන් වෙනත් කාමරයක නිදා ගත් බවය. එහෙත් දිගින් දිගටම විජයමුණිට සත්‍යයෙන් වසන්ව සිටින්නට නොහැකි විය. ඔහුගේ ශරීරයේ වූ නියපොතු පහරවල් ගැන සැක කළ පොලීසිය ප්‍රශ්න කිරීම් හමුවේ විජයමුණි තම බිරිඳත් වැඩිමහල් පුතුත් සිත්පිත් නොමැති ලෙසින් ගෙල සිර කර මරා දැමූ බවත් ගිනි ඇවිළෙන්නට ඉඩ හැර තම සිඟිති පුතුත් මරුවා වෙත තල්ලූ කර දැමූ බව පැවසුවේ තමන් පිය පදවියට නොගැළපෙන නරුමයකු බව හඟවමිනි. එහෙත් මේ වනතෙක් පොලීසිය හමුවේ දමනය නොවූ විජයමුණිගේ සිතේ වැඩ කළේ නරුම අදහස්මය. ඒ නිසාම තම ගැලවීම පිණිස තවදුරටත් බේගල් ඇද බාන්නටද විජයමුණි අමතක නොකළේය.තම බිරිඳට අනියම් ඇසුරක් ඇති බවට තමා තුළ සැකයක් තිබූ බවද මසක් වියැති සිඟිති පුතු තමාගේ නොවන බවත් ඒ හේතුවෙන් සචේතනාත් තමාත් අතර ආරවුල් තිබූ බවද ඔහු පොලීසිය හමුවේ පැවසුවේ තමා අතින්ම ඝාතනය වූ බිරිඳට නින්දා වන පරිද්දෙනි. එහෙත් සැබෑව යළිත් එළිපත්තට පැමිණියේය. සැබෑවටම අනියම් පෙමක් ඇත්තේ විජයමුණිට බවත් මෙය ඒ හේතුවෙන් සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් බවත් පොලීසිය අනාවරණය කර ගත්තේය.
තමන්ගේම ලෙයින් උන් දරු දෙදෙනාත්
තමන්ගේම ප්‍රිය බිරියත් මරාදැමූවකු ගැන දයාවක් කවරකුගේ සිතේ පහළ වූයේ නම් ඒ අරුමයකි. විජයමුණිගේ ඇදහිය නොහැකි නරුම ක්‍රියාවෙන් කම්පිත වූ ඔහුගේ මව අවුරුදු ගණනාවක් හිත තුළ සඟවාගෙන සිටි රහස පොලීසියට හෙළිකරමින් පැවසුවේ, ‘මූ මගේ ළමයෙක් නෙවේ. මට ළමයි නෑ. ඒ නිසා මම මූ හදාගත්තේ’
ලෙසිනි. අනියම් ඇසුරට ළොල් වූ සිය බිරිඳ දරු දෙදෙනාටද ජීවිතය අහිමි කළ විජයමුණි තම මවගේ කියමනින් කම්පිතව හඬාවැටුණේ පොඩි දරුවෙක් ලෙසිනි. එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය.
රසිකා රාජපක්ෂ
No comments:
Post a Comment