Thursday, January 31, 2013

බුදුන් වැඩිය රටේ ‘බුද්ධ බාර්’ ඇරේ



බුදුන් වැඩිය රටේ ‘බුද්ධ බාර්’ ඇරේ
කිසිවෙක් පැමිණ ඔබට ‘මේ අපගේ දෙවියන් වහන්සේය. මේ ඔබගේ දෙවියන් වහන්සේය. මගේ දෙවියන් ඔබේ දෙවියන්ට වඩා බලවත්ය. එනිසා ඔබගේ දෙවියන් පහත්’ යැයි කිවහොත් යුද්ධය ඇරඹෙනුයේ එතැනිනි. එතරමට ආගම මිනිසා සමග රුධිරගත බැඳීමක් පවතින්නේය. මිනිස් ඉතිහාසයේ රත් පැහැයෙන් ලියැවුණු බොහෝ යුද්ධවලද ආගමෙහි විශේෂතා දැකිය හැකිය. එහෙයින් කවුරු කෙලෙස ක‍්‍රීඩා කිරීමට කැමැති වුවද ආගම සමග හාස්‍ය රසයටවත් ක‍්‍රීඩා නොකළ යුතුය. අනෙක් අතට ගෝලීයව අනුලංඝනීය මිනිස් අයිතිවාසිකමක් ලෙසද ආගම ඇදහීම පිළිගෙන තිබේ. ඒ අර්ථයෙන් ආගම ඇදහීමත් අනෙකාගේ ආගමට ගරු කිරීමත් ශිෂ්ට සමාජය ඉල්ලා සිටී. එහි සාමය සමගිය අරබයා ශිෂ්ට ලෝකයේ යුතුකම වනුයේ අනෙකාගේ ආගමට ගරු කිරීමය.
එහෙත් අප ජීවත් වන වර්තමානය පෙනුමෙන් නූතනය. හරයෙන් ගෝත‍්‍රිකය. ඒ සමග අනුයමින් ඇත්තේ මිනිස් සබඳතා ඇතුළු ඝන, ද්‍රව, වායු සියල්ලටම මුල්‍යමය වටිනාකමක්, මිලක් නියමකර ඇති තත්ත්වයකි. එනිසා අනෙකාගේ ආගම විකිණීමත් එයට ගැරහීමත් එකවිට සිදුකිරීමේ හැකියාවක් මේ නූතන ගෝත‍්‍ර සමාජය සතුව තිබේ. එයට කදිම නිදසුන වනුයේ මේ වනවිට වෙළෙඳ භාණ්ඩ හා සේවා අංශයේ ප‍්‍රවර්ධනය අරබයා ආගමික සංකේත භාවිතයයි. එහෙත් ඒ තුළ ඇති අවාසනාවන්ත කරුණ නම් ලොවටම අවිහිංසාවාදය ඉගැන්වූ සියලූ සත්ව, මිනිස් ප‍්‍රජාවන්ට වෙනසක් නොමැතිව කරුණාව, මෛත‍්‍රිය දැක්වීමට වදාළ එය වචනයට සීමා නොකොට ක‍්‍රියාවෙන්ම ආදර්ශවත් කළ බුදුරජාණන්වහන්සේගේ රුවද එවැනි කටයුතුවලට යොදාගැනීමට තරම් නූතන ගෝත‍්‍රික සමාජයේ වෙළෙන්දන් කටයුතු කිරීමය.
විශේෂයෙන් බටහිර සමාජය තුළින් විටින් විට මේ ගැන අසන්නට ලැබුණත් බුදු දහමේ රන් දෙවොල බඳු අප රටෙහි එවැනි දෑ අසන්නට නොලැබුණු තරම්ය. ඉඳහිට විදේශීයව ආනයනය කළාවූ නිමි ඇඳුම් තොග අතර තිබී අහම්බයෙන් බුදු රුවක් සහිත භාණ්ඩයක් හමුවුවද එය සමාජයෙන් ඉවත් කළා විනා දැනුවත්ව පරිභෝජනයට ගැනුණේ නැත.
එහෙත් පසුගිය ජනවාරි 21 වැනිදා බොදු බලසේනා ප‍්‍රධාන කාර්යාලයේ දුරකතනයට රාත‍්‍රී 10ට පමණ ලැබුණු දුරකතන පණිවුඩයකින් කියැවුණේ ඇඟලොමු
ඩැහැගැන්වෙන තොරතුරකි. ඒ,
‘අපේ හාමුදුරුවනේ, බේරුවල තියෙනවා ‘සිනමන් බේ’ කියලා ස්ටාර් හොටෙල් එකක්. ඒකෙ අද බුද්ධ බාර් කියලා ෆන්ෂන් එකක්  ඕගනයිස් කරලා. කෑම වට්ටෝරුව නම් කරලා තියෙන්නේ ‘නිර්වාණ’ කියලා. දැන් ආවොත් ඔබවහන්සේලාට ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් මේ හෙණගහන අපරාදේ’ කියාය.
එතැන් සිට සිදුවූ දේ අපට විස්තර කරනු ලැබුවේ බොදු බලසේනා සංවිධානයේ මහජන සම්බන්ධීකාරක අලූත්වැව ආනන්ද හිමියන්ය.
‘පණිවුඩය ඇවිත් පැයක් යන්න කලින් අපි බේරුවලට ගියා. ඒ අපේ ස්වාමින්වහන්සේලා අටදෙනකුත්, ගිහියන් හතර දෙනෙකුත් එක්ක. එතැනට ගියත් අපි වාහනෙන් බැස්සෙවත් නෑ. මොකද සංචාරකයෝ ඉන්නේ. ඒ සුදුමහත්තුරු ඉන්න තැන්වලට ගිහින් රටට අපකීර්තියක් අත්කරලා දෙන්න අපිට වුවමනාවක් තිබුණෙ නෑ. ඒ නිසා ගිහියන් හතරදෙනාව අපි අදාළ හෝටලයට යැව්වා. ඒ අය ගියාම හෝටලයේ ඉන්න මැනේජර්ලා, වැඩකරන අය කට්ටියම කියලා තියෙන්නෙ එහෙම දෙයක් මේ හෝටලයේ නෑමයි කියලා.
ඒත් විස්තර අපි ළඟ තිබුණා. අපි ඒ නිසා ඒ විස්තර ගැන විශ්වාස කරලා තව ටිකක් වෙලා එතැන රැුඳිලා හිටියා. ඒ වෙලාවෙ ආපු ප‍්‍රංශ ජාතිකයකුගෙන් අපි කටට උත්තරේ දීලා ඇහුවා ‘කොහොමද බුද්ධ බාර් ෆන්ෂන් එක’ කියලා. එයා ගත්ත කටටම කිව්වේ ‘හොඳයි’ කියලා. අපි දැනගත්තා හෝටලේ අය බොරු කරනවා කියලා. පස්සෙ අපි එතැනට ගියා. එතැනදී තමයි අපි ඇස් දෙකටම දැකගත්තේ ඒ අහස පොළොව උහුලන්නෙ නැති අපරාදේ.
බුදුපිළිමයක් තියලා ඒක මුල්කරගෙන තමයි ඒ අය වැඬේ සූදානම් කරලා තියෙන්නෙ. බුදුපිළිමය ඉස්සරහ ඉටිපන්දම් පත්තුකරලා නයිට් පාර්ටියක් විදිහට වැඬේ දිගටම කරගෙන යනවා. එදා කන්න තියෙන කෑම වට්ටෝරුවේ නමත් ‘නිර්වාණ’.
අපි ඒ ගැන හෝටලේ අයව දැනුවත් කළා. මේ දේවල් නීතියෙනුත් තහනම් දේවල්නෙ. බුද්ධි අංශ ආරක්ෂක අංශ කොච්චර හිටියත් ඒවා ගැන හොයලා බලලා නෑනේ. අපි තමයි මේ නින්දිත වැඬේ ගැන බේරුවල පොලීසියත් දැනුවත් කළේ. මේ වෙනකොට ඒ වැඬේට සම්බන්ධ වෙලා සංවිධානය කළාය කියලා හතරදෙනෙක්ව පොලිස් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි හිතන්නෙ නෑ ආයෙ මතක ඇති කාලෙක කවුරුවත් ඒ වගේ වැඩක් මේ රටේ වෙයි කියලා. ඒවට බොදු බලසේනා අපි ඉඩ තියෙන්නෙත් නෑ. මොකද නීතියෙන්ම තියෙනවා බුද්ධාගමට නිගාදෙන, හානි කරන දේවල් කිරීම තහනම් කියලා. ඒත් ඉතින් ඔය ලස්සනට ඒවා වෙන්නෙ ඒ වගකිව යුතු උදවිය මේවා ගැන බලන්නෙ නැති නිසානේ. ඒ නිසා ශාසනය රකින්න ඉන්න අපි ඒ ගැන බලනවා’
අලූත්වැව ආනන්ද හිමියන් ‘ලංකාවේ බුද්ධ බාර්’ සිදුවීම අප සමග විස්තර කළේ ඒ අයුරින්ය.
බුදුන් වැඩි රටෙහි බුදුන්ගේ ශාසනය ආරක්ෂා කිරීමට පැවරුණු රටෙහි අවසානයේ බුදුන්ගේ බාර් එකක නිර්වාණය ආහාරය ලෙස සකස් වුණේ ඒ අයුරින්ය. සැබැවින්ම මෙවැන්නක් වෙනත් රටක, එනම් කතෝලික බහුතරයක් වෙසෙන රටක හෝ මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටක සිදුකළා නම් ඒ සියලූ දෙනාගේ දේපළ පමණක් නොව ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාවටවත් ඒ අයගේ දෙවියන් ප‍්‍රමාණවත් නොවනු ඇත.
‘යේසුස් බාර්’ හෝ ‘නබි බාර්’ ලෝකයේ විවෘත නොවනුයේ එනිසාය. එහෙයින් මේ ගැන වඩාත් දියුණු සංවාදයක් ඇතිවිය යුතුව ඇති බව අප විශ්වාසයයි. මන්ද එසේ නොවුණහොත් බුද්ධාගම තුළින්ද කිසියම් මූලධර්මවාදී ප‍්‍රවණතාවක් ඉස්මතු වී ආගමේ ආරක්ෂාවට කටයුතු කිරීමට ඉඩ තිබෙන නිසාය.
‘බුද්ධ බාර්’ යනු බුද්ධාගමට නිගාදෙන අතර එය විකුණාගෙන කන තිරස්චීන වෙළෙඳපොළ අවශ්‍යතාවයේ එක් ප‍්‍රවර්ධන කටයුත්තක් පමණි. එහෙත් මීට පෙරද මෙරට තුළ බුදු දහමට හානි කරන හා එහි විශ්වාසයන්ට කුරිරු අන්දමින් සංකේතාත්මකව විරෝධය පාන අවස්ථා අපට දකින්නට ලැබී තිබේ.
බුදුපිළිම පොඩි කිරීම
වරක් පිළියන්දල ප‍්‍රදේශයේදී කතෝලික ඉවැන්ජලික පිරිසක් කාන්තාවකට අරක්ගෙන ඇති යක්ෂයා එළවීමට කියා නිවසේ තිබෙන බුදුපිළිම කඩා බිඳ දමා විකෘති කිරීමට උපදෙස් දුන්නා අපට මතකය. මොවුන් මෙරටට පැමිණ තිබෙනුයේ
සමාගමක් ලෙස ලියාපදිංචි වෙමින්ය.
පිළියන්දල ප‍්‍රදේශයේ සිදුවූ මෙම සිදුවීමේදී පොලීසිය පිළිම පොළොවේ ගැසීමට පෙළඹවූ පාස්ටර්වරයා නිදහස් කර ඒ ගැන පොලීසියට පැමිණිලි කිරීමට ගිය තරුණයාගේ මවුපියන් සිරගත කිරීමට එරෙහිව ජනතාව විරෝධය දක්වනු අපට දකින්නට ලැබුණු නිසාය. ඒ විරෝධතා බොහොමයක් ක‍්‍රමයෙන් අන්තවාදී විය හැකි බව අපට ප‍්‍රතික්ෂේප කිරීමටද නොහැකිය. එහෙත් එසේ අන්තවාදී වූවායැයි කියා බෞද්ධයන්ව විවේචනය කිරීමටද අපට නොහැකිය. මන්ද ලෝකයේත්, අප රට තුළත් ඔවුන්ගේ ආගම ඉලක්ක කර ද්වේශ සහගත ප‍්‍රචාර හා ව්‍යාපෘති දැන් දැන් වර්ධනය වෙමින් තිබෙන නිසාය.
බුදුරුව යෙ¥ ඇඳුම්
බුදුරජාණන්වහන්සේට අපහාස වන අන්දමින් බුදුරුව යෙ¥ ඇඳුම්, ආයිත්තම් අලෙවි කළ බදුල්ලේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් වෙතද බෞද්ධ විරෝධය එල්ල වූ අයුරු අපට මතකය. බදුල්ල තැපැල් කාර්යාලය පාරෙහි පිහිටි එය ‘ඞීන් ෆැන්සි පොයින්ට්’ නම් වූ අතර බුදුරුව සහිත මේස් කුට්ටමක් එහි තිබී සොයා ගැනිණ. එහිදී තමන් මේ වරද කළ බවට එම ව්‍යාපාරික ස්ථානය හිමි වෙළෙඳ ව්‍යාපාරිකයාද පිළිගත් අතර අවසානයේ බදුල්ල මහාධිකරණයේදී ඔවුනට ඇප නියම විය.
ෆේස් බුක් අපහාස
මීට අමතරව වර්තමානය වනවිට බෞද්ධාගමට එරෙහි ප‍්‍රබලම විකෘති ප‍්‍රහාර එල්ලවෙමින් ඇත්තේ ෆේස් බුක් ඇතුළු අන්තර්ජාලය හරහාය. එහි බුදුරජාණන්වහන්සේගේ රුව විකෘති කිරීම් මෙන්ම භික්ෂුන්වහන්සේලාද ඉලක්කකර අපහාස එල්ල කෙරෙනවා දැකගත හැකිය. තවද මෑතක පටන් සිවුරු හැඳි භික්ෂුන්වහන්සේලා මෙන් පෙනී සිටින්නන් කාන්තාවන් සමග යහන්වල සිට ගත් ඡුායාරූපද, දුෂ්ශීල සමහර භික්ෂුන්වහන්සේලාගේ විවිධ අවස්ථා ඡුායාරූපයට ගෙන පළ කිරීමද දකින්නට තිබේ. එසේම බුදුපිළිමවල මුහුණට වෙස් මුහුණු දැමීම, දන්තධාතුව සුනඛයන් සම්බන්ධකර දැක්වුණු ඡුායාරූප හා විශාල නිරුවත් ජෛන පිළිමද එම ෆේස් බුක් ගිණුම්වල හිඟ නැත. මේ ගිණුම් අතරින් මේ වනවිටත් වඩාත් සක‍්‍රියව විකෘති කිරීම් හා අපහාස සිදුකරනුයේ ‘ධම්මානන්ද සුමංගල’ නමැති බෞද්ධ භික්ෂු වේෂයකින් පෙනී සිටින පුද්ගලයෙකි.
පාවහන් හා විලාසිතා
මීට අමතරව විදේශයන්හීද බුදුරජාණන්වහන්සේගේ රුවට අපහාස කරන හා බුදුරදුන්ගේ රුව වෙළෙඳ ප‍්‍රවර්ධන අයිකනයක් ලෙස භාවිත කරන අවස්ථා මේ වනවිට සුලබව තිබේ. කැලිෆෝනියාවේ පාවහන් නිෂ්පාදන ආයතනයක් විසින් බුදුරජාණන්වහන්සේගේ රුව පාවහන් අඩියට යොදා නව පාවහන් විශේෂයක් ලෙස එය වෙළෙඳපොළට හඳුන්වාදී ඇත. මෙම සාපරාධී ආගමික නිගාවට එරෙහිව පළමුවෙන්ම විරෝධය දැක්වුණේ ටිබෙටයේ හා භූතාන් ජාතික බෞද්ධ ප‍්‍රජාවගේ මූලිකත්වයෙනි. පසුව මෙරටද ඇතුළුව ලෝකවාසී බෞද්ධ ප‍්‍රජාව මෙම නිෂ්පාදනයෙන් බුදුරුව ඉවත් කරලීමට බලපෑම් කිරීම සඳහා අන්තර්ජාල පෙත්සමක්ද අත්සන් කෙරුණි.
මීට අමතරව බුද්ධ ප‍්‍රතිමාවට අපහාස කෙරෙන ඡුායාරූප පෙළක් ‘නිව්ලූක්’ නම් වූ ප‍්‍රංශ සඟරාවෙහිද පළවිය. ක‍්‍රීඩා, විලාසිතා වැනි ක්ෂේත‍්‍ර ආවාරණය කෙරෙන එම සඟරාව එම ඡුායාරූප පෙළින් නිරූපණය කොට දක්වා තිබුණේ නිරුවත් හා අඩනිරුවත් තරුණියක් විවිධාකාරයෙන් බුදුරුව වැළඳගෙන සිටින අයුරුය.
මේ ආකාරයෙන් බුදුරුවට ප‍්‍රසිද්ධියේ හානි කරන හා විකෘති කර එක් පසෙකින් මුදල් ඉපැයීමත් අනෙක් පසින් ආගමික වශයෙන් පහත් තත්ත්වයට හෙළා කටයුතු කිරීමත් හමුවේ සිදුවන බෞද්ධ නැගීසිටීම්වලට පමණක් අපට එරෙහිවීමට නොහැකිය. එහෙත් අසීමාන්තික අන්තයන්ට ඇදී යා හැකි එවැනි එළැඹුම් ද සිදුවිය යුතු නැත. නමුත් ජාතියක් ලෙස වේවා, ආගමික වශයෙන් වේවා අනෙකාගේ විශ්වාස පද්ධතියට ගරහන හා ඒ වෙත ද්වේශ සහගත ලෙස කඩාවැදීම් පාලනය කරගත යුතුව ඇත.
ව`ද ටොෆිය
ඒ බව යළි යළිත් තහවුරුවනුයේ පසුගියදා මෙරට ප‍්‍රධාන පෙළේ නිමි ඇඳුම් අලෙවිසලක් ආශ‍්‍රිතව පැන නැගුණු ආගමික ස්වරූපයේ ඝට්ටනයයි. එහිදී එම ආයතනය තමන් වෙත එල්ල කෙරුණු චෝදනා හේතුවෙන් එය වළකාලන ලෙසත් එම චෝදනා නිසා තම ආදායම් පහළ වැටෙන බවත් පවසමින් උසාවි ගියා විනා එකී චෝදනා එල්ලවීමේ හරයන් වෙත උනන්දුවක් හෝ සැලකීමක් සිදුකළේ නැත.
චෝදනාව එල්ල වූයේ එම අලෙවිසල්වලට එන පාරිභෝගිකයන්ට ලබාදෙන ටොෆියක ව්‍යන්ධකාරක අඩංගු බවත් ඒවා මුස්ලිම් නොවන අන්‍ය ලබ්ධිකයන්ට ලබාදෙන බවත්ය. එහෙත් තමන්ට අසාධාරණයක් වූවානම් උසාවි යන අතරම බෞද්ධ ජනතාව අතර උණුසුමක් ඇතිකළ ‘විවාදිත ටොෆිය’ තවදුරටත් ලබාදීම නවතා දැමුවා නම් මේ ගැටලූ එතරම් දුරදිග යන්නේ නැත. එසේම උසාවියේදී දෙපාර්ශ්වයේ පොරොන්දු එකිනෙකා ඉටුකරගත්තේද නැත. උසාවියේ ඇතිවූ එකඟතාවක් වූයේ ඉහත කී ව්‍යාපාරික ස්ථානය බෞද්ධ භික්ෂුන්ගෙන් සමාව ගත යුතු බවය. එහෙත් මහරගම වීදිසටනක් සිදුකරන තුරුම ඒ ගැන ව්‍යාපාරික ආයතනය සැලකිල්ලක් දැක්වූයේ නැත. අපි මෙහිදී අවධාරණය කරනුයේ ව්‍යාපාරිකයන් වුවත් තමන්ගේ ව්‍යාපාරය මෙන්ම අනෙකාගේ ආගම හා එය ඉවසීමත්, එයට ගෞරව කිරීමත් වෙත මීට වඩා සංවේදී විය යුතුව ඇති බවය.
මන්ද එසේ නොවුවහොත් එහි අලාභය ප‍්‍රථමයෙන් අදාළ ව්‍යාපාරයටත් දෙවනුව සමස්ත සමාජයටත් එල්ලවන නිසාය.
එකවල්ලේ පොල්
කෙසේ හෝ වේවා අනෙකාගේ ආගමට ගරහන හා එයට ගරු නොකරන මේ සියලූ ප‍්‍රයත්නයන් අවසානයේදී වෙළෙඳුන්ගේ මුල්‍යමය වත්කම් තහවුරු කරන්නක් බව පැහැදිලිය. නූතන ශිෂ්ට සමාජය අශිෂ්ටත්වයට කැඳවන මේ බොහෝ හැසිරීම් අවසානයේ ප‍්‍රතිඵල අත්කරගනු ලබන්නේ අපගේ සාක්කුව හිස්කරලීමෙන්ය. මේ සත්‍යය අප තේරුම් ගෙන කටයුතු කිරීම වෙනත් රටවල් අරඹයා කෙසේ වුවත් පශ්චාත් යුද ආතතියක තිබෙන අප වැනි රටකට අතිශය වැදගත්ය.
බුද්ධ බාර්වලින් ආරම්භව විලාසිතා පාවහන්වලින්ද මේස්, තන්පටවලද දවටා මේ පැමිණෙන්නේ පෙනුමින් නූතන වුවත් තවමත් ගෝත‍්‍රික ලෙස ආගමිකව බෙදී සිටින කාගෙකාගේත් සාක්කුවලින් වැඩිවැඩියෙන්
ලබාගැනීමටය. එසේ නොමැතිව මේ විලාසිතා කළා යැයි කියා අත්වන අලූත් කජ්ජක් නොමැත. එහෙත් අවසානයේ සමාජය ආගමික පදනමින් බෙදී එකිනෙකාට එරෙහිව නැගී සිටින්නට ගත්තද මේ වෙළෙඳුන්ට හානියක් නොමැත. මන්ද එවිට බුද්ධ බාර් වෙනුවට ඔවුන්ට වෙපන් බාර් විවෘත කළ හැකි නිසාය. අවසානයේ ඒ තුළද ඔවුන් ලාභය උපයනවිට සාමාන්‍ය ජනතාවට සිදුවනුයේ
කාගේවත් දෙවියන්ව මැඞීමට ගොස් ජීවිත නැතිකර ගැනීමටය. එහෙයින් මේ මූලධර්මවාදී ප‍්‍රවේශයන්ගේ සැබෑ මුල් හැඳින ඒවාට එරෙහිව ක‍්‍රියාත්මක විය යුතුව ඇත. එහෙත් ඒ හැඟීම්බරව නොව බුද්ධියෙනි. එදිනම් ‘බුද්ධ බාර්’ යනු උම්මත්තකයන් උදෙසා උම්මත්තකයන් සංවිධානය කළ උම්මත්තක මොහොතක් මිස අනෙකක් නොවනු ඇත. ඉතිරි දෑ වෙතද අත්වනුයේ ඒ යථාර්ථයම බවද අමුතුවෙන් ලිවිය යුතු නැත.

සංජය ලියනගේ
රසිකා රාජපක්‍ෂ

Wednesday, January 30, 2013

ස්තී දුෂකයන්ට එරෙහිව අංගම් පොර


ස්තී දුෂකයන්ට එරෙහිව අංගම් පොර
ම්ලේච්ඡු ලෝකයක නොමිනිසුන් නිසා පසුගිය කාල වකවානුවේම අප රටේත්, අසල්වැසි ඉන්දියාවේත් ¥වරුන් කිහිපදෙනෙක්ම මෙලොවින් සමුගෙන හමාරය. ඔබේ මවද, බිරිඳද, සහෝදරියද තවත් කතුන් රැුසක්ද එදිනෙදා ලොව පුරා තිරිසනුන්වන් මිනිසුන් නිසා දුක් ගැහැටවලට පත්වෙති. එලෙසින් කාන්තාවකට තනිව ?පානේ පමණක්ම නොව මහ දවාලේද පාරට බැස ගමනක් යා නොහැකි ලොවක් ඔබ අප ඉදිරියේ මැවී අවසන්ය.
එනිසාම කුරිරු ලොවක නොනවතින අමානුෂිකත්වය, ම්ලේච්ඡුත්වය හමුවේ කාන්තා ආත්මාරක්ෂාව උදෙසා කුමක් කළ යුතු දැයි බොහෝ දෙනා ප‍්‍රශ්න කරමින් සිටිති.
බොහෝ දෙනා එලෙසින් ප‍්‍රශ්න කරමින් සිටිනා අතරතුරෙහි කාන්තා අතවරයන් පිටුදැකීමේ මූලාරම්භයක් ලෙසින් කාන්තාවන් මානසිකව මෙන්ම කායිකව සවිමත් කිරීමට තවත් පිරිසක් වෑයම් කරමින් සිටියි. ඔවුන් නමින් ශ‍්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කලා සංගමයයි. ඔවුන් විසින් දේශීය සටන් කලාව ඇසුරෙන් කාන්තා ආත්මාරක්ෂක සටන් හා උපක‍්‍රම කාන්තාවන් වෙතට නොමිලේම ලබාදීමේ කටයුත්ත මේ වනවිටත් අරඹා හමාරය.
මෙලෙසින් දේශීය සටන් කලාව ගැන කතාබහක් ඇතිවුවද දේශීය සටන් කලාව හා කාන්තාව ගැන නිතර නිතර එළිපෙහෙළියේ පෙනීමක් හෝ කතාබහක් මෑතකාලීනව අප සමාජයේ පෙනෙන්නට නොවීය. එහෙත් දේශීය සටන් කලාව කතුන්ට මුලසිටම අකැප නොවූ අතර එහි කෙළ පැමිණි සටන්කාරියක් පිළිබඳ අපූරු කතා පුවතක් නුවර යුගයෙන් අසන්නට ලැබේ.
නුවර යුගයේ අංගම්පොර සඳහා ප‍්‍රචලිත වූ මුල් ගුරු කුල දෙකක් වූ සුදලිය හා මරුවල්ලිය ගුරුකුලවල ගුරුවරුන් අතර ඌරා ළිඳේ අංගම් කෙටීමේ තියුණු සටනක් ඇතිව තිබේ. සටනේදී සුදලිය ගුරු වංචනික ලෙසින් දිවි දතක් යොදාගත් නිසා මරුවල්ලියේ ගුරු සටනින් පරාජයවී මරණාසන්න වී තිබේ. මරණාසන්න වූ මරුවල්ලියේ මුහන්දිරම් තම ගැබිනි බිරිඳට උපදින දරුවාට සටන් ශාස්ත‍්‍රය උගන්වන ලෙස ඉල්ලා අවසන් හුස්ම හෙළීය. එහෙත් සටන් ශාස්ත‍්‍රය දෙන්නට පිරිමි දරුවකු උපදින තෙක් මඟ බලා සිටියද උපන්නේ ගැහැනු දරුවෙකි. එහෙත් මරුවල්ලිය මුහන්දිරම්ගේ අවසන් පැතුම් ඉටුකරනු වස් ඇයගේ මාමා කෙනෙකු ඇයව කේරළයට රැුගෙන ගොස් සටන් කලාව ඉගැන්වීය. එහිදී අංගම් සටනෙන් කෙළ පැමිණි ඈ පිරිමියකු සේ ලංකාවට පැමිණෙන්නේ තම පියාගේ මරණයේ පළිය ගැනීමේ චේතනාවෙනි. අවසානයේ සුදලිය ගුරු ඌරා ළිඳේ අංගම් කෙටීමෙන් පරාජය කර මරණය තෙක් හරවා යවන ඇය පසුව දෙවැනි රාජසිංහ රජු හමුවේ සිය අනන්‍යතාව අතීත කතාව හෙළිකරමින් සිටියාය. සියුමැලි තරුණියකගේ සටන් විලාසයෙන් සිත් පහන්වූ රජු ඇය කෑගල්ල ඒදඬුවාව දිසාවේ දිසාපතිනිය ලෙස පත් කළේ ඇයට නිසි ගෞරවයක්ද ලබාදෙමිනි. එලෙසින් ලක් ඉතිහාසයේ මුල්ම කාන්තා දිසාපතිනිය ලෙස ඇය අබිසෙස් ලද අතර රාජාඥාව ලබා ඇතා පිට කකුල් දෙපසට දමා ගමන්ගත් ප‍්‍රථම කාන්තාව ලෙසින්ද අබිසෙස් ලැබුවාය. ලක් ඉතිහාසයේ ඒදඬුවාව පුංචි මැණිකේ ලෙසින් හඳුන්වන්නේ ඇයයි.
එලෙසින් නුවර යුගයේ අංගම් සටන් කලාවේ කෙළ පැමිණි සටන්කාරියන් සිටියත් ඉන් ඔබ්බට සටන් කලාවෙන් කලඑළි බැසි කතුන් ගැන කතා බහක් ඇතිවී නැත. එහෙත් ඒදඬුවාවේ පුංචි මැණිකේට පෙරද ඇගෙන් පසුවද දේශීය සටන් කලාවේ ගමන් මඟ තුළ ලාංකේය කතුන්ට විවිධ වූ සටන් ක‍්‍රම නුහුරු නුපුරුදු නොවීය. අදද එදාද දේශීය සටන් කලාවේ කෙළ පැමිණි කතුන් සිටියත් ඔවුන්ගේ කලඑළි බැස්මක් සිදුවන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි.
එහෙත් මේ මොහොතේ නූතන සමාජ වටපිටාව තුළ කාන්තාව අනාරක්ෂිත වීම තුළම ඇයට යම් වූ ආත්මාරක්ෂක සටන් කලාවක් හෝ ප‍්‍රගුණ කිරීමට කාන්තාවන්ට හැකියාවක් ලැබේ නම් එයද මේ මොහොතේ ඇයට එල්ලවන පීඩනයන්ගෙන් ගැලවීමට යම් සහනයක් වනු ඇත.
ශ‍්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කලා සංගමය විසින් කාන්තාවන් උදෙසා ලබා දෙන්නාවූ ආත්මාරක්ෂක සටන් ශිල්පය හා උපක‍්‍රමයක් පිළිබඳ වැඩිදුර විමසනු වස් එහි සම්බන්ධීකාරක පියුමාල් එදිරිවීර මහතා ‘රන්දිව’ අප හා සම්මුඛ විය.
‘ඇත්තටම අපි මේ ශිල්පය හොඳින් දන්න කියන අය. ඒ වුණත් අපේම සහෝදර සහෝදරියෝ එදිනෙදා මහපාරෙදි අතවරයට ලක්වෙනවා. ඒ නිසා අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපි හිතලා බැලූවා. ඇත්තටම මේ අංගම් පොර සටන් කලාවේ බලවත් උපක‍්‍රම තියෙනවා. ඒවා තුළින් පහසුවෙන්ම විපත්වලින් ගැලවන්න පුළුවන්. ගොඩක් ගෑනු අය මේ වගේ කරදරයකදී ඉක්මනට බය වෙනවා. කලබල වෙනවා. ඒක නිසා අපරාධකාරයෙක්ට පුළුවන් තමන්ගෙ ග‍්‍රහණය වැඩි කරන්න. එතකොට ගෑනු අයට මුකුත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මෙතැනදී මුලින්ම කරන්නේ කරදරයකදී මූණ දෙන්න  ඕනේ විදියට, බය නැති කරගන්න  ඕනෙ විදියට මනස හදන එකයි’
එලෙසින් කාන්තාවන්ගේ මනස සවිමත් කිරීමෙන් විපතෙන් ගැලවීමේ මඟ ඔවුන් විසින් පෙන්වාදෙනු ලබන අතරම පහසුවෙන් විපත්තීන් වලින් ගැලවී යා හැකි මඟද ඔවුන්ගේ පාඨමාලාවේ ඇතුළත්ය.
‘දැන් මේ සටන් සාස්තරේ තියෙනවා බොහොම පහසු ඒත් බලවත් ක‍්‍රම. ඒවායින් ලෙහෙසියෙන්ම අපරාධකාරයෙක් මෙල්ල කරගන්න පුළුවන්. අපි හිතමුකො ගෑනු ළමයෙක් පාරේ යද්දී කවුරුහරි එක් අතකින් තදින් අල්ලගත්තා කියලා. අපිට ලෙහෙසියෙන්ම ගැලවෙන්න ක‍්‍රමයක් තියෙනවා. ඒ තමයි අපේ අනිත් අත නිදහස්නෙ. අපේ නිදහස් අතින් අර අපේ අත තදින් අල්ලගෙන ඉන්න කෙනාගේ අතේ සුළැඟිල්ල අනිත් පැත්තට හරවන්න පුළුවන්. ඒ විදිහට ලෙහෙසියෙන්ම ඒ වගේ කරදරවලින් ගැලවෙන්න පුළුවන්’
අංගම්පොර සටන් කලාවට මූලික වශයෙන්ම නිල හා නාඩි පද්ධති ආශ‍්‍රිත සටන් කලාවන්ද ඇතුළත්ය. යම් විපතකදී කාන්තාවන්ට ඒ ආශ‍්‍රිත උපක‍්‍රමයන්ගෙන්ද සිය ආත්මාරක්ෂාව සලසා ගැනීම අපහසු නොවන බව පියුමාල් එදිරිවීර මහතාගේ අදහසයි.
‘අපි හිතමු කවුරුහරි ඉස්සරහින් ඇවිත් බෙල්ල මිරිකනවා කියලා. කෙනෙක්ගෙ බෙල්ලේ උගුරු දණ්ඩට යටින් වක් ගැහුණු තැනක් තියෙනවනේ, එතැන තියෙනවා නිලයක්. එනිසා එතැනට බොහොම වැරෙන් ඇඟිල්ලෙන් ඇන්නොත් ඒ කෙනාට කැස්ස ඇති වෙනවා. මේ හරහා බෙල්ල මිරිකන්න ගන්නා උත්සහයන්ගෙන් පහසුවෙන්ම බේරෙන්න පුළුවන්. තව පිරිමි කෙනෙක්ගෙ තොලත් නහයත් අතර ප‍්‍රදේශයට තදින් පහරක් වැදුණොත්  ඕනෑම ශක්තිමත් කෙනෙක් දුර්වල වෙනවා. මොකද එතැන අපේ ශරීරයේ ගොඩක් සෙන්සිටිව් තැනක්. ඒ වගේම යටිතල්ල ප‍්‍රදේශයට තදින් පහරක් එල්ල කළොත් කෙනෙක්ව අඩපණ කරන්න පුළුවන්. මේ වගේ දේවලට ලොකු ශක්තියක් අවශ්‍ය නෑ. අවශ්‍ය වෙලාවට ක‍්‍රියාත්මක වෙලා බය නැතිව මේ විදිහට මුහුණ දුන්නොත් මේ වගේ විපත්වලින් කාන්තාවන්ට පහසුවෙන්ම ගැලවෙන්න පුළුවන්.
ඒ වගේම අපි දන්න දෙයක් තමයි ගොඩක් ගෑනු ළමයි පාවිච්චි කරන්නෙ හයි හීල්ස්නෙ. පිටිපස්සෙන් කෙනෙක් පහර දෙනවා නම් මේ හීල් එකෙන් කකුලේ මහපටඟිල්ලට අනින්න පුළුවන්. අපේ මහපට ඇඟිල්ලට උඩින් නිලයක් තියෙනවා. මේ නිලයට ඇන්නාම  ඕනෑම කෙනෙක් අඩපණ වෙනවා.
ඒ වගේම කනට හොඳින් අතදිග හැරලා ගැහුවම කෙනෙක්ව අඩපණ කරන්න පුළුවන්. එතැනදී කනට ගහනවා කියලා අපි හඳුන්වන්නෙ කම්මුලට ගැසීම නෙවෙයි. කන එල්ල කරලා පහර ගැසීම. මේ වගේ පහසු උපක‍්‍රමයන් මේ කලාවේ තියෙනවා. ඒ වගේ දේවලින් වැඩි වෑයමක් නොකරම කෙනෙක්ට කරදරයකින් බේරෙන්න පුළුවන්’
මෙම සටන් කලා සංගමය ගොඩනැංවී ඇත්තේ ගුරුකුල හතකින් පැවතීගෙන ආ ගුරුවරුන් සත්දෙනකුගෙනි. මුල්ගුරු රියන්සි වික‍්‍රමසිංහ වෙදමහතා, සරණපාල පෙරේරා ගුරුතුමා, පේ‍්‍රමසිරි මාලිම්බඩ ආරච්චි ගුරුතුමා, සුනිමල් ප‍්‍රනාන්දු ගුරුතුමා, සුසන්ත වෙත්තසිංහ ගුරුතුමා, අතුල නන්දන ගුරුතුමා සහ දයානන්ද කාර්තුහේවා ගුරුතුමා යන ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කලා සංගමය පවත්වාගෙන යන අතර ශ‍්‍රී ලංකාවට අමතරව ස්විස්ටර්ලන්තයේ හා ජර්මනියේද ඔවුන්ගේ ශාඛාවන් පවත්වාගෙන යති.
ඔවුන්ගේ අරමුණ වනුයේ දේශීය සටන් ක‍්‍රමයන් මුදල් උපයනා ව්‍යාපාරයන් වී ඇති මොහොතක කුඩා දැරියන්ට, මවුවරුන්ට, සහෝදරියන්ට ඇතුළු සියලූ කාන්තාවන්ට ආත්මාරක්ෂාව උදෙසා සවියක් වෙමින් දේශීය සටන් ශිල්පය හා එහි උපක‍්‍රමයන් යොදා ගැනීමයි. එහිදී අංගම් සටන් කලාවේ සිරිත් විරිත්වලට හානි නොවන සේ යම් යම් ප‍්‍රතිපත්තීන් මත හිඳිමින් මෙම කටයුතු මෙහෙයවන බවද ඔහු අප හා පැවසීය.
මේ වනවිටත් ඔවුන් සමගින් එක්ව සිටිනා දිරිය කතුන් 15ක් අංගම් උපක‍්‍රමයන් සිය දිවියට එක් කරගනිමින් සිටියි.
එලෙසින් හෝ හෙට දිනයේ මවුවරුන්ට, දියණියන්ට නිදහසේ මහමඟ යන්නට, සමාජයේ සුවසේ වෙසෙන්නට හැකි ලොවක් ගොඩනැගේ නම් සළෙලූන්ට ගොදුරු සියලූ කාන්තාවන් වෙනුවෙන් ලෝකයක් හෙළුෑ සුසුම් කඳුළුවලට සාධාරණයක් එක්වෙනු ඇත.

රසිකා රාජපක්‍ෂ
ජායාරුපය අන්තර්ජාලයෙන්

Monday, January 28, 2013

කෙළෙසා අඹුව කරගත් උදේශිකා සුසන්තගේ දසවධයෙන් මරුට


කෙළෙසා අඹුව කරගත් උදේශිකා
සුසන්තගේ දසවධයෙන් මරුට

ඈතින් ඇසෙන්නට වූ වෙඩි හඬ සමීපයෙන්ම ඇසෙන්නට වූයේ කන් බිහිරි කරවමිනි. ජීවිතය පිළිබඳ තවදුරටත් අංශු මාත‍්‍රයක හෝ බලාපොරොත්තුවක් තබාගත නොහැකි බව උදේශිකාද දැන සිටියාය.
ඉතිරිව ඇත්තේ එක් විසඳුමක් පමණි. ඒ තමන් හැදුණු ගම්මානය දමා යෑමයි. මායිම් ගමක් වූ සේරුවාවිල නැගෙනහිර කාවන්තිස්සපුර පදිංචිව සිටි උදේශිකා සිය පවුලේ අය සමග ආනමඩුව, දිවුල්වැව උණලීය ප‍්‍රදේශයේ පදිංචියට පැමිණෙන්නේ එලෙසය.
එතැන් පටන් ආනමඩුවේ නව ජීවිතයට හුරු වන්නට උදේශිකාලාට සිදුවිය. තම මව වූ කුසුම් ලංකා ප‍්‍රභා කුමාරි හා පියා සුනිල් සෝමරත්නද, නැගණිය හා ආබාධිත එකම සොහොයුරු සමගද කල්ගෙවමින් උදේශිකා ගත කළේ සැපවත් දිවියක් නම් නොවේ.
කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් ගැලවෙන්නට ආනමඩුවට පැමිණි උදේශිකා නොසිතූ ලෙස ගැලවිය නොහැකි පරිද්දෙන් තවත් නොමිනිසකුගේ උගුලකට හසුවන්නේ ඇගේ ඉදිරි ජීවිතයම අඳුරු කරවමිනි.
එවකට 13 හැවිරිදි උදේශිකා දිල්ශානි එදින නිවසේ පාඩම් වැඩකටයුතු කරමින් සිටියාය. එහෙත් තමන් දෙස තවත් අයෙක් බලා සිටින බව ඇය නොදත්තාය. එකවරම ඇය දරදඬු දෑතක ග‍්‍රහණයට හසුවූයේ ඇයට කිසිවක් සිතන්නට ඉඩ නොතබමිනි.
‘අම්මේ... අම්මේ..’ කියමින් ඇය මහ හයියෙන් හඬ ගෑවද කිසිවකු ඇය බේරා ගන්නට නොපැමිණියේ ඇගේ හඬ අහල පහළ වූ කිසිවකුටත් නොඇසුණු නිසාය.
මීට සිවු වසරකට පෙර ආර්.පී.ඞී. සුසන්ත පුෂ්පකුමාර උදේශිකාව පැහැරගෙන යන්නේ එලෙසය. සුසන්ත මෙලෙස උදේශිකාව පැහැරගෙන ගියේ තිඹිරිගොල්ල ප‍්‍රදේශයේ වූ සොහොයුරියකගේ නිවෙසක් වෙතය. එහිදී 13 හැවිරිදි උදේශිකා මේ නොමිනිසාගේ ග‍්‍රහණයට හසුවිය. ළමා විය ඉක්මවන්නටත් පෙර මල් කැකුළක් තිරිසන් නොමිනිසකුගේ දෑතට පොඩිවී පෙති හැලෙන්නේ එලෙසිනි.
කළ යුතු දෙයක් ගැන නිසි වැටහීමක් උදේශිකා සතු නොවූවද සුසන්තගේ තීරණය වූයේ මෙතැන් සිට උදේශිකාත් තමාත් අඹු සැමියන් ලෙසින් ජීවත් විය යුතුය කියාය.
‘මං ඔයාට හොඳට සලකන්නම්. මාත් එක්ක මෙහෙ ඉන්න’
සුසන්ත කී දෙයට උදේශිකා එකඟ වූයේ වෙන කළ හැකි දෙයක් ඇයට නොවූ නිසාය.
එහෙත් උදේශිකාගේ මව වූ කුසුම් නම් මේ ගැන සිටියේ තදබල උරණ බවකිනි.
‘මේ මිනිහට හෙණ ගහන්න  ඕනේ. මගේ අහිංසකීට කළ දේට’
සුසන්තට දෙස් දෙවොල් නැගූ කුසුම් ඉන් නොනැවතී ඔහුට විරුද්ධව නඩුවක්ද දැමුවේ මේ කළ විපතට නීතියේ පිහිට හෝ තමන්ට ලැබෙතැයි සිතාය.
කුසුම් තම දියණිය බේරා ගැනීමට වෙරදරන අතරේ උදේශිකා තම ළමා කාලයේදීම මුහුණ දියහැකි බොහෝ විපත්තීන් සඳහා මුහුණ දී සිටියාය. යෞවනයේ දොරකඩ සිටියද ඒ නිදහස විඳින්නටද බාධාවක් වූයේ 15 හැවිරිදි ඇය ඒ වනවිටත් මවක් වන පෙරලකුණු පහළව තිබූ නිසාය.
දරු ප‍්‍රසූතිය වෙනුවෙන් සිය මවගේ නිවසට උදේශිකා පැමිණෙන්නේ යටි සිතෙහි වෙනත් සැලසුමක්ද තබාගෙනය.
‘අනේ අම්මේ, නොකා නොබී හරි මං මේ ගෙදර ළමයවත් හදාගෙන ඉන්නම්. මට නම් අර මිනිහා එක්ක ආයෙත් ජීවත් වෙන්න බෑ’
උදේශිකා හඬමින් කියද්දී මවගේ සිත යම් තරමින් සතුටට පත්වූයේ තම දියණිය නොමිනිසාගෙන් ගලවා ගන්නට හැකි වේ යැයි ඇය සිතූ නිසාය.
‘දැන්වත්  ඕක තේරුණා නම් ඇති දරුවෝ. කොහොමත් මං උඹට ආයෙත් ඒ මිනිහා ළඟට නම් යන්න දෙන්නේ නෑ’
විවාහ නොවී ළාබාල වියේදීම දරුවෙක් කරපින්නා ගැනීමට සිදුවූ තම අසරණ දියණිය දෙස බලමින් කුසුම් පැවසුවේ ශෝකයෙනි.
එතැන් සිට නමට පමණක් වූ තම නීත්‍යනුකූල පුරුෂයා සිය ලෝකයෙන් පිටමං කළ උදේශිකාගේ මුළු ලෝකයම වූයේ කුඩා දියණියයි. විශ්මි සෞභාග්‍යාද එතැන් සිට සිය යොවුන් මවද, මිත්තණියද, සීයා ඇතුළු පවුලේ සාමාජිකයන් සමගින් ආනමඩුව නිවසේ කෙළිදෙලෙන් පසුවූවාය.
උදේශිකා නැවත සුසන්ත ගැන සිතා නොබැලූවත් සුසන්ත නම් ඇය සොයා ඒම නැවතුවේ නැත. විටින් විට ඇය සොයා එන ඔහු තමා සමග යළිත් ජීවත්වන්නට ඇයට බල කරන්නටද විය.
‘මං ඔය දෙන්නව හොඳට බලාගන්නම්. මාත් එක්ක එන්න’
නිතර ඇය හමුවී ඔහු ඇවිටිලි කළද තවදුරටත් ඔහුව විශ්වාස කරන්නට නම් උදේශිකා අකැමැති විය. මන්ද ඔහු හා ගෙවූ වසර දෙකක කටුක දිවිය ඇයට වහකඳුරු මෙන් වූ නිසාය.
එනිසාම තම මවගේ නිවසේ ඔවුන් හා විසීමට ගත් තීරණය ඇය වෙනස් නොකළාය. කරදර එනවිට එන්නේ කලින් පවසා නොවේ. උදේශිකාටද එක පිට එක පැමිණි කරදර නිසා ඔළුව ඔසවාගන්නට නොහැකි වූවාය. ඇගේ මව ලොරියකට යට වී ආබාධිත වන්නේ මේ පවුල තව තවත් අසරණ කරවමිනි.
ආබාධිත මවද, සොහොයුරාටද සවියක් වෙමින් සිය පවුලේ බර තමන්ම දරාගන්නට උදේශිකා තීරණය කරනු ලබන්නේ එනිසාය.
‘අම්මලා මගෙ ළමයා බලාගන්න. මං ගාමන්ට් යන්න හිතාගත්තා’
උදේශිකා සිය තීරණය මව හමුවේ ප‍්‍රකාශ කළාය.
‘අනේ මන්දා දරුවො තියෙන කරදර මදිවට අපිත් උඹට කරදර දෙනවනෙ’
කුසුම් දියණිය හා පැවසුවත් මොවුන්ට කළහැකිව තිබුණේද එයම බව කුසුම්ද හොඳාකාරව දැන සිටියාය.
ඒ අනුව උදේශිකා දිල්රුක්ෂි මීට මාස දෙකකට පෙර මාවතගම ‘එකෝ’ ඇපරල් ආයතනයට එක්වන්නේ පවුලේ එදිනෙදා වියදම හෝ පියවා ගැනීම උදව්වක් වේ යැයි සිතාය.
ඇඟලූම් දිවිය වෙහෙසකර වුවත් උදේශිකා තම වයස ඉක්මවා ලබා සිටි දුෂ්කර බව නිසාදෝ ඒ ගැන එතරම් තැකීමක් නොකළාය.
විටින් විට සුසන්තගේ බලකිරීම් පැවතියත් මවගේ අවවාද හමුවේ උදේශිකා සුසන්තගේ බහට නොරැුවටී සිටියේ දැඩි සිතකිනි.
‘එකපාරක් වැටුණු වළේ ආයේ ආයෙත් වැටෙන්න එපා දුවේ’
කුසුම් නිතරම තම දියණියට පවසන්නට වූයේ ඇගේ සිත සුසන්ත වෙත ඇදී යාම වැළැක්වීම පිණිසය.
යමක් කැමැත්තෙන් ලැබෙන්නේ නැත්නම් බලෙන් හෝ ලබාගැනීමේ අරමුණින් සිටි සුසන්ත මේ නිසාම උදේශිකා හා සිටියේ අමනාපයෙනි.
සිතේ පැවති අමනාපය වැඩි වී වෛරයකින් පිරී ගියත් සුසන්ත එය පිටට නොපෙන්වා තවදුරටත් ඉවසා සිටියේ කෙසේ හෝ සිය අභිප‍්‍රාය ඉටුකර ගැනීමේ අරමුණෙනි.
පසුගිය 8 වැනිදා උදාවන්නේ උදේශිකාගේ සිතේ සතුටේ සේයාවන්ද ඇති කරවමිනි. උදේශිකාගේ පණ හා සමාන වූ විශ්මි සෞභාග්‍යා දියණියගේ දෙවැනි උපන් දිනය යෙදී තිබුණේ එදිනටය.
‘චූටි දුවට අද හවස අම්මා එනකොට තෑග්ගක් ගේනවනේ. එතකං ආච්චි අම්මට කරදර නොකර ඉන්න’
එසේ පැවසූ උදේශිකා තම සුරතල් දියණිය සිප ගනිමින් නිවසින් පිටව යන්නේ සවසට දියණියට උපන් දින තෑග්ගක් රැුගෙන ඒමේ අටියෙනි. එහෙත් තමා මෙලෙසින් පිටව යන්නේ තම අවසන් ගමනට බව උදේශිකා ඒ වනවිටත් නොදැන සිටියාය.
එදින වැඩ අවසන් වී රාත‍්‍රී 7ට පමණ ඇඟලූම්හලේ බස්රථයෙන්ම ඇය ආපසු නිවස වෙත එන්නේ සිය කුඩා දියණියගේ මුහුණ දැකීමේ නොඉවසිල්ලෙනි.
බස්රථයෙන් බැස සොහොන් පිටිය හරහා වූ අතුරු පාරේ ගමන්ගත් ඇය අඩිය ඉක්මන් කරන්නේ ඒ වනවිටත් හතරවටින්ම අඳුර වැටී තිබුණු නිසාය. කිලෝ මීටර් තුනක් පමණ වූ අතුරු පාරේදී ඇයට බියක් ඇති නොවූයේ සුපුරුදු පරිදි හැමදාමත් ගමන් ගන්නා නිසාමය.
එහෙත් එදින පාරේ ඉදිරියෙන් කවුරුන් හෝ මඟ අවුරාගෙන සිටිනා බව දුටු උදේශිකා තැතිගත්තද ඒ තමන්ගේ මරුවා බව කිසිලෙසකටවත් නොසිතුවාය.
එහෙත් ආර්. පී. ඞී. සුසන්ත කුමාර මෙසේ මඟ අවුරාගෙන සිටියේ උදේශිකා සමග අද නම් දෙකින් එකක් බේරාගන්න බව හදවතට සපථ කරගනිමින්ය.
‘උදේශිකා ඔහොම නැවතියං, මට උඹත් එක්ක කතා කරන්න  ඕනි’
‘මොනවද මනුස්සයො තවත් කතාකරන්න තියෙන්නෙ. මට කරදර නොකර යන්න දෙනවා’
‘යන්න දෙන්න’
පැවසූ සුසන්ත තම සිතේ පැවති වෛරය ක‍්‍රියාවෙන් ඔප්පු කරන්නට විය. මරාවේශ වූ සුසන්ත උණ පොල්ලක් රැුගෙන උදේශිකාගේ හිසේ සිට මුහුණටත්, යටි බඩ පෙදෙසටත් නොනවත්වාම පහර දීගෙන ගියේ මේ තමන් නිසා දරුවකු වැ¥ ගැහැනිය නේදැයි යන්නද අමතක කරමිනි. උදේශිකා විලාප දෙමින් කෑ ගසද්දී සුසන්ත ඇගේ යටි බඩට පිහියකින් ඇන දැමුවේ තම වෛරයේ ගිනි පුපුරු පිට කරමිනි.
ළමා වියේ සිටම නොමිනිසෙක් නිසා අසරණ වූ උදේශිකා එකී නොමිනිසා නිසාම යොවුන් වියේදීම මරණය වැළඳ ගත්තාය. උදේශිකාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ආර්. පී. ඞී. සුසන්ත පුෂ්ප කුමාර මේ වනවිටත් ආනමඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ප‍්‍රකාශයන්ට අනුව අපරාධයට සම්බන්ධ ආයුධ, පොලීසිය විසින් උණලීය වැවේ දමා තිබියදී සොයාගන්නා ලදී.
පුත්තලම වැඩබලන මහේස්ත‍්‍රාත් පයාල් අබුතා හිර් මහතා 9 වැනිදා මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.
එහිදී සැකකරු 9 වැනිදා සිට 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු අතර උදේශිකා දිල්හානිගේ ඝාතනය පිළිබඳ පොලිස් පරීක්ෂණ තවදුරටත් පැවැත්වේ.
උදේශිකාගේ ඝාතනය යනු මෙලෙස සිදුවූ පළමු ඝාතනයද නොවේ. එසේම එය මෙරට සිදුවන අවසාන කාන්තා හිංසනයද නොවේ. මෙවන් තත්ත්වයකදී කාන්තා ආරක්ෂාව පිළිබඳ අප වැඩි වැඩියෙන් කතාකිරීම හෝ වැඩි වැඩියෙන් ශෝකාකූලවීම ප‍්‍රමාණවත් නොවේ.
එය කතා කිරීමට පමණක් සීමා නොවී, වැඩි වැඩියෙන් අනාරක්ෂිත වී ඇති කාන්තා ජීවිත සුරක්ෂිත කරන්නා වූ සමාජ වටපිටාවක් ගොඩනැගීම වෙනුවෙන් ක‍්‍රියා කළ යුතුව ඇත.
එසේ නොමැති වුවහොත් උදේශිකා මුහුණ පෑ විපත්තියට හෙට ඔබේ මව, බිරිඳ, දියණියට මුහුණපෑමට සිදුවීම වැළැක්විය නොහැකි වනු නොඅනුමානය.

රසිකා රාජපක්ෂ

ටොනාඩෝ


ටොනාඩෝ

පසුගිය දිනවල බදුල්ල, නුවරඑළිය දිස්ත‍්‍රික්කවල ජන දිවිය අවුල් කරමින් තද සුළං තත්ත්වයක් ඇති වූයේ එක්වරමය. හපුතලේ සහ හල්දුම්මුල්ල ප‍්‍රදේශවලට වැඩි වශයෙන්ම බලපෑම් කළ මේ තද සුළං තත්ත්වය ප‍්‍රදේශවාසීන්ගේ දෛනික ජීවිත මුළුමනින්ම නවතා දමද්දී තවත් පිරිසකට උන්හිටි තැන් පවා අහිමි විය.

වාර්තාවන ආකාරයට සුළෙඟන් සිදුවූ හානි අතර නිවාස 450කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබූ අතර පවුල් ගණනක් අවතැන් විය. ඉනුත් නිවාස 10කට සම්පූර්ණයෙන්ම හානි සිදුව තිබූ අතර නිවාස 440කට වැඩි ප‍්‍රමාණයකට අර්ධ වශයෙන් හානි සිදුවී තිබිණි. එක්වරම ඇති වූ දරුණු සුළං තත්ත්වය නිසා නොසිතූ විපත්තීන්වලට ජනයා මුහුණ දුන් අතරම මේ එක්වර සිදුවූයේ කුමක්දැයි සොයා බලන්නට බොහෝ දෙනෙක් පෙළඹුණහ. තැන තැන ඇතිවූ කසුකුසුවලින් කියැවුණේ මේ ඇති වූයේ ටොනාඩෝ තත්ත්වයක් බවය. එහෙත් සැබෑව නම් මේ ටොනාඩෝවක් නිසා ඇතිවූ සුළඟක් නොවන බවයි. සිදුව තිබුණේ බොහෝ දෙනෙක් මේ ටොනාඩෝවක් යැයි මුළාව සිටීමයි.
එසේ නම් ටොනාඩෝ තත්ත්වයක් යනු කුමක්දැයි අපි සොයා බැලූවෙමු. ටොනාඩෝවක් යනුවෙන් අදහස් කරන්නේ සාහසික ලෙස සිරස් අතට භ‍්‍රමණය වන සුළං ප‍්‍රවාහයකටයි. මෙය සුළියක් හා සුළි සුළං තත්ත්වයකට නෑකම් කියන තත්ත්වයක්. කාලගුණ විද්‍යාවේදී සුළියක් ලෙසින් හඳුන්වනුයේ අඩු පීඩන තත්ත්වයකි. ටොනාඩෝ විවිධ හැඩවලින් සහ ප‍්‍රමාණවලින් පැමිණේ. එහෙත් ටොනාඩෝ අපට දෘශ්‍යමාන වනුයේ පුනීලාකාර ලෙසයි. එහි පටු කෙළවර පොළොව ස්පර්ශය කරන අතරම ¥විලි සහ සුන්බුන්වලින් වූ සුළියක් එහි වටේටම පවතියි. බොහෝ ටොනාඩෝ පැයට මීටර් 110කට අඩු සුළෙඟ් වේගයකින් හමා එන ඒවායි. (පැයට කිලෝමීටර් 117ක වේගයෙන්* එය තිරස් අතට අඩි 250කින් යුතු අතර (මීටර් 76* විසිරීමට පෙර කිලෝමීටර කිහිපයක් ගමන් ගනියි. වඩාත් සාහසික ටොනාඩෝ තත්ත්වයන් පැයට කිලෝමීටර් 483ක වේගයෙන් පැමිණේ. එය තිරස් අතට කිලෝමීටර් 3-2ක් යුතු අතර කිලෝමීටර් 100කට වැඩි දුරක් ගමනේ යෙදෙයි.
ටොනාඩෝවල ඇති තීව‍්‍රතාව අනුව ෆුජිතා 1,2,3,4,5 ලෙස අංකනය කර තිබේ. අංක 1 ලෙස අංකනය කර ඇත්තේ සාමාන්‍ය තීව‍්‍රතාවක් ඇති ටොනාඩෝ තත්ත්වයන්ය. එවැනි තත්ත්වයක් ඇතැම්විට අප නොදැනුවත්වම වුණත් ඇතිවිය හැකිය. 2,3,4 ලෙසින් අගයේ පරිදි ටොනාඩෝවේ තීව‍්‍රතාව වැඩි අතර අංක 5 යටතේ හඳුන්වන්නා වූ ටොනාඩෝ තත්ත්වයන් වඩාත් සාහසික වේ. ඒ තත්ත්වය තුළ ගෙවල් දොරවල්වලට හානි පැමිණ ජීවිත හානිද සිදුවිය හැකියි. එසේම ඔදරරද (ටොරෝ* ලෙසින්ද ටොනාඩෝවන්හි තීව‍්‍රතාව මනිනු ලබන දර්ශකයක් ඇත. එහිදී ඔ0 යනු දුර්වලම ටොනාඩෝ අවස්ථාව වන අතර ඔ11 යනු වඩාත් බලසම්පන්න ටොනාඩෝවයි.
ලෝකය තුළ ඇන්ටාක්ටික් මහද්වීපය හැරුණුවිට අනෙකුත් මහද්වීපයන් තුළ ටොනාඩෝ තත්ත්වයන් දැකිය හැකි වෙයි. එයින් වැඩි තීව‍්‍රතාවන් ඇති ටොනාඩෝ තත්ත්වයන් වැඩි ගණනක් සිදුවන ප‍්‍රදේශයක් ලෙස එසේත් නැතිනම් ටොනාඩෝ ඇදී එන මඟක් ලෙස ඇමෙරිකාව ආශ‍්‍රිත ප‍්‍රදේශයන් හැඳින්විය හැකිය. එහිදී උතුරු ඇමෙරිකාව ආශ‍්‍රිත ප‍්‍රදේශයන්ද මෙයට අදාළය.
ස්පාඤ්ඤ වදනක් වන ට්‍රොනාඩා :ඔරදබ්ා්* යන වචනය වෙනස්වී නිර්මාණයවී ඇති ‘ටොනාඩෝ’ යන්නෙන් අරුත් කිහිපයක්ම ජනනය වේ. ට්‍රොනාඩෝහි අර්ථය වූයේ ‘අකුණු කුණාටුව’ යන්නයි. එම ස්පාඤ්ඤ වචනය සෑදී ඇත්තේ ලතින් භාෂාවෙන් අකුණ නම් වූ අර්ථය ගත් ‘ටොනාරේ’ :ඔදබ්රු* යන වදනෙනි. එලෙසින් ලතින් වදනද ස්පාඤ්ඤ වදනද මුසුවී ‘ටොනාඩෝ’ යන වදන ගොඩනැගී ඇත. ටොනාඩෝ ගැන ඉතිහාසය විමසනවිට බිහිසුණු ටොනාඩෝ තත්ත්වයන් ලොව තුළ විවිධ අවස්ථාවන්හි ඇතිවී තිබේ. එහිදී ඒවා බොහොමයක් නිසා ජීවිත හා දේපළ හානි සිදුව ඇත්තේ අතිභයානක ලෙසය. ලොව සිදුවූ එවැනි භයානකම ටොනාඩෝව ලෙස හඳුන්වන්නේ 1989 අපේ‍්‍රල් 26 වැනිදා බංග්ලාදේශයේ දවුලත්පුර් - සතුරියාවල :ෘ්මක්එච්ර-ී්එමරස්* සිදුවූ ටොනාඩෝවයි. ඉන් මියගිය ගණන 1300ක් පමණ වෙතැයි ගණන් බලා ඇති අතර ඉන් තුවාල ලැබූවන් ගණන 12000කට ආසන්නය.
එවැනි භයානකම ටොනාඩෝ අතරින් දෙවැනි ස්ථානය ගනු ලබන්නේ 1925 මාර්තු 18 වැනිදා බංග්ලාදේශයේ මඩර්ගනී හාම්රිස‍්‍රාපූර් :ඵ්ා්රට්බස-ඵසරස‘්ච්ර* ප‍්‍රදේශයට බලපෑ ටොනාඩෝවයි. ඉන් 700ක පිරිසක් මියගිය අතර 30,000කට ආසන්න නිවාස ගණනක් විනාශයට පත්විය.
1925 මාර්තු 18 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයට බලපෑ රුදුරු ටොනාඩෝ තත්ත්වය එවැනි භයානක ටොනාඩෝ අතින් තුන්වැනි ස්ථානය හිමි කරගනු ලබයි. ඉන් 695ක් මියගිය අතර සුළි සුළඟ පැතිරී යාමෙන් කැනාස් :ණ්බ්ි*, ඇලබාමා :්ක්ඉ්ප්*, ටෙන්නීස්සේ :ඔැබබැිිැැ*, කෙන්ටකි :ණැබඑමජනහ* හා ඉන්ඩියානා යන ප‍්‍රදේශවල 750කට ආසන්න පිරිසක් මිය ගියහ.
1973 අපේ‍්‍රල් 17 වැනිදා බංග්ලාදේශයේ
මැණික්ගන්ච්, සින්ග්යිර් හා නවාබ්ගනිච් :ඵ්බසනට්බවල ීසබට්සර ්බා භ්අ්ඉට්බසව* යන ප‍්‍රදේශවලට බලපෑ ටොනාඩෝ තත්ත්වය ලොව බිහිසුණු ටොනාඩෝ අතරින් සිවුවැනි ස්ථානය ගනු ලබන අතර එය වාසුළි දෙකක් එක්වී හමා ආ බිහිසුණු ටොනාඩෝවක් ලෙස හඳුන්වනු ලැබේ. ඒ පිළිබඳ සඳහන් වන නිල නොවන වාර්තා අනුව ටොනාඩෝවෙන් සිදුවූ හානියෙන් දාහකට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ගම්මාන කිහිපයක් බිමටම සමතලාවී ඇත.
ටොනාඩෝ ඉතිහාසයේ ලෝක මට්ටමින් ගත් කල බිහිසුණු ටොනාඩෝ තත්ත්වයන් වාර්තා වුවද මෙරට කාලගුණ ඉතිහාසයේදී එවැනි බිහිසුණු ටොනාඩෝ තත්ත්වයන් සඳහන්ව නැත. 2008 ඔක්තෝබර් 26 වැනිදා බම්බලපිටිය ආසන්නයේ මුහුදු තීරයට ආසන්නව ටොනාඩෝ තත්ත්වක් ඇතිව ඇති අතර 2012 වසරේ ජනවාරි මස මාතර කඹුරුගමුව ආසන්න මුහුදු තීරයේද 2012 ජුනි මස 12 වැනිදා මිරිස්ස මුහුදු තීරයේද අඩු තීව‍්‍රතා ටොනාඩෝවක් ඇතිවී ඇතැයි සඳහන්ය.
අනාගතයේ එහි බිහිසුණු තත්ත්වය කෙසේ වේදැයි කිව නොහැකි වුණත් මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගන්නා තද සුළං තත්ත්වය තුළ ලාංකිකයන් තුළ ඇතිවන ‘ටොනාඩෝ’ බියද පහවී යාමට කලක් ගතවනු ඇත.




හපුතලේට ටොනාඩෝ ආවේ නෑ
එස්. ආර්. ජයසේකර
කාළගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්


ටොනාඩෝ තත්ත්වයන් ලංකාව තුළ දෙතුන් වතාවක්ම ඇතිවී තිබෙනවා. නමුත් පසුගියදා හපුතලේ ප‍්‍රදේශයේ ඇතිවුණේ ටොනාඩෝ එකක් කියලා බොහෝ දෙනා වැරැුදි වැටහීමක් ඇතිකරගෙන තියෙනවා. ටොනාඩෝවක් කියන්නේ වේගයෙන් පුනීලාකාරව භ‍්‍රමණය වෙමින් ඉහළට ඇදී යන සුළං ප‍්‍රවාහයකට. මේ තත්ත්වය බොහෝවිට ඇති වන්නේ ගිගුරුම් සහිත අකුණු ඇතිකරන වලාකුළු ආශ‍්‍රිතව. සාමාන්‍යයෙන් සුළං ප‍්‍රවාහයක ඉහළ සිට පහළට ඇදී එනවිට ඊට ඇදී එන සුළං ප‍්‍රවාහයන් එකතු වෙලා ඇතිවෙන තත්ත්වය මත මේ පුනීලාකාර විදියට උඩට කැරකීම යන ටොනාඩෝ තත්ත්ව ඇතිවෙන්නේ.
ටොනාඩෝවක් විනාඩි 10ක පමණ ආයු කාලයකින් සමන්විතයි. සාමාන්‍යයෙන් ටොනාඩෝ තත්ත්වයන් ඇතැම් විටෙක අපි නොදැනුවත්වම පවා ඇතිවෙන්න පුළුවන්. ෆුජිතා 5 ලෙස අංකන කරන්නේ ගෙවල් දොරවල් විනාශවී ගොස් ජීවිත හානි වන තත්ත්වයන්ට. ලංකාව තුළ මෙවැනි ටොනාඩෝ තත්ත්වයන් අවසාන වතාවට වාර්තා වන්නේ බම්බලපිටිය මුහුද ආශ‍්‍රිතවයි. එවැනි මුහුද ආශ‍්‍රිතව ඇතිවන ටොනාඩෝ දියගොබ වලාවන් ලෙස හඳුන්වනවා. බොහෝ අය නොදැනුවත්කමින් යටින් මතුවී එන එක පැත්තකට පමණක් හමායන සුළං ප‍්‍රවාහයන් ටොනාඩෝ තත්්ත්වයන් ලෙස නම් කරනවා. එය වැරැුදි ආකාරයෙන්
හඳුනාගැනීමක් කියලා කියන්න පුළුවන්.



රසිකා රාජපක්‍ෂ - චලානි හේරත්

A9 මාවතේ ආදරේ මල් පිපේ


A9 මාවතේ ආදරේ මල් පිපේ

ඉඳහිට නුපුරුදු වෙඩි හඬක් සවන් වැකුණද ඒ ගැන බියක් නම් ඇයගේ සිත කොනකවත් නොවීය. යෞවනයේ එළිපත්තෙහි හිඳිමින් හද කොනකට පේ‍්‍රමයද තුරුළුකොට ගෙන අනන්තයකට දිවයන සිහින ගොන්නකට ඇය පණ දෙමින් සිටියාය. එහෙත් එක් මොහොතක, වෛරයේ හිරු නැග ආ මොහොතකදී ඇය ඒ හිරු කිරණේ වෙළුණේ ඇයවත් නොදැනය. එතෙක් කෝලම් රටාවෙන් මිදුණු සියුමැලි ඇඟිලිතුඩු ගිනි අවිය දරන්නට තරම් රළු වූයේ කෙසේදැයි ඇයවත් නොදන්නීය. එතැන් පටන් ඇය ජීවිතයේ බලාපොරොත්තු අතැර මරණයේ සෙවණැලි වැළඳගත්තාය. එහෙත් ඇයවත් නොසිතූ පරිදි අවසන ඈ ජීවත් වූවාය. ‘මං ජීවත් වෙනවා කියලා මට තවමත් හිතාගන්නවත් බෑ’
විස්මය පිරි ඒ වදන් ඇගේ මුවින් ගලා ආවේ නිරායාසයෙනි. ඉන්පසු ඇගේ මුවේ වූයේ පැතිරී යන සිනාවකි. සිනාවෙන් ඔබ්බට වූ ඇගේ කතාවේ තැනක කඳුළද, තව තැනක බියද කැටිගැසී තිබුණාය. වසර ගණනකට පසු රත් පැහැ කුඩා තිලකය ඇගේ නළලත පාළුව මකාදැමීය. සංග‍්‍රාම භූමියක දියවුණු ඇගේ රුව බැබළුවේ චාම් ආභරණයි. යුද්ධයේ ගිනිදැල් නිවීගිය සාමයේ මාවත දිගේ පා තැබූ ඇගේ කතා දිග හැරුමේදී රෝස පැහැ ලේන්සුව ඇගේ අත්ලට මිරිකී අපමණ වේදනා වින්දේය. වෛරයෙන් ගිනිගත් සිතද ගිනි අවියද අතැර ඇති ඇය දැන් සිටින්නේ තම පණනළ වන් පුතු දකින සිහිනයේ බිහිදොර අසලය.
ඒ මීට දශක දෙකකට පෙර අතීතයයි. ලක්ෂ්මී නම් වූ ඈ සිටියේ ලක්ෂ්මියකගේ ඇල්ම බැල්මවත් නොමැති ඉසව්වකය. ඒ වෙනුවට ඈ වටා සිටියේ අවි අමෝරා ගත් එල්.ටී.ටී.ඊ. සාමාජික පිරිසයි. ‘සිංහල ආණ්ඩුව අපිට වෙනස් විදියට සලකන හැටි ඔවුන් අපිට ඉගැන්වූවා. ඒ දේශනවලට මං ඉබේම ආකර්ෂණය වුණා. මං ඒ වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්ති වෙලා හිටියේ’
ඒ ඇගේ මංමුළාවේ මුල් පියවරයි. දමිළ ජාතීන් සඳහා වාසභූමියක් දිනාගැනීමේ එල්.ටී.ටී.ඊ.යේ බෙදුම්වාදී සිහිනයේ මායාවට ඇය හසුවූවාය. ඒ වනවිටත් ඇය සිටියේ වෛරයේ ගිනියමින් පිළිස්සෙමිනි. ඉඩකඩක් තිබුණත් ආපසු හැරෙන්නට නම් ඇගේ සිතේ කැමැත්තක් තිබුණේම නැත. එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයන් සිය නව බඳවා ගැනීම් සඳහා ඇගේ පාසලට පැමිණෙන්නේ මේ අතරතුරේදීය. ඒ වනවිටත් ඇය ඔවුන් සමඟින් යන්නට සූදානම්ව සිටියාය. පාසල් ඇඳුමින් සැරසී සිටි ලක්ෂ්මී සුදු ගවුම ඉවතලා සයනයිඞ් මාලයට හුරු වූයේ ඇයටවත් නොදැනීමය.
‘මම  ඕනම තුවක්කුවකින් වෙඩි තියන්න පුහුණු වුණා’
වෛරයෙන් ගිනියම් වූ ලක්ෂ්මී සටන් කිරීමට වූ ඇගේ හැකියාව පෙන්වූයේ කාලයටත් වඩා වේගයෙනි. කෙටිකලකින්ම ඇය එල්.ටී.ටී.ඊ.යේ ඉදිරිපෙළ ආරක්‍ෂක වළල්ලේ නායිකාවක ලෙසින්ද කටයුතු කළේ නායකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගනිමිනි.
එහෙත් නොසිතූ මොහොතක සටන් බිමකදී රජයේ හමුදා සමග ගැටුණු මොහොතකදී ලක්ෂ්මී සිය දිවියේ වසර පහක් ආපස්සට ගමන් ගත්තාය. සටන් බිමේදී තුවාල ලබන ලක්ෂ්මී පස් වසරක්ම ගත කළේ සිහි මඳ ගතියෙනි. එහෙත් ඉන් ඇගේ ධෛර්යය නම් නොසිඳුණාය. මහා ජාතිය කෙරෙහි වූ ඇගේ කෝපය ඇයව යළි නගාසිටවූවාය. ඇය යළිත් වෛරයේ මාවතම තෝරා ගත්තාය. ලක්‍ෂ්මී තම දෙවැනි ගමන ඇරඹූයේ එල්.ටී.ටී.ඊ.යේ හැඳුනුම්පත් නිකුත් කිරීමේ අංශයෙනි.
‘අපි එල්.ටී.ටී.ඊ.යට අලූත් අයිඩෙන්ටිටි ක‍්‍රමයක් හඳුන්වලා දුන්නා. අපි ප‍්‍රභාකරන්ගේ අයිඩෙන්ටියත් හැදුවා. ඒත් ඒක ඔහුට භාරදෙන්න නම් බැරි වුණා’
රතු පැහැ සාරිය ඇඟ දවටාගෙන, නළලත සින්¥ර් තිලකයකින් සරසාගන්නට ආසාවක් ලක්ෂ්මීයගේ සිතේ පැලපදියම්ව තිබුණේ කලෙක පටන්ය. එහෙත් සයනයිඞ් පතුරකට භාර කළ දිවියක මංගල තැල්ලකට නම් ඉඩක් වූයේම නැත. යෞවනයේ පෙම්වත් හීනය ලක්ෂ්මී වැනි සියදහසක් යෞවනියන්ට තහනම් වූයේ එල්.ටී.ටී.ඊ.යේ අණෙනි.
එහෙත් වැටකඩොලූ, බැමි පවුරු බිඳ දමා 2007 වසරේදී ලක්ෂ්මීගේ නළලත සින්¥ර් තිලකයෙන් මොට්ටු තැබෙන්නේ ඇය පතිනියක කරමිනි. එහෙත් ඇය තවදුරටත් සියුමැලි පතිනියක් නොවූවාය. විවාහයෙන් ඉක්බිත්තෙන් ඇයද සැමියාද එකම ඉදිරි ආරක්‍ෂක වළල්ලක වෛරයේ ගිනිදැල් වපුළන්නට වූයේ සිතින් හෝ විරාමයක් නොතබමිනි.
අවසන් සටන තෙක්ම වෛරයේ මාවතේ ඇයද ‘ඔවුහු’ ද අන්ධව ගමන් කළහ. අවසන ඔවුන්ටත් නොදැනීම පරාජයේ කටු ඔටුනු ඔවුන් අබියස විය. පරාජයේ සළුපිළි දවටාගත් ඔවුහු ‘පොදු සමා කාලය’ ඉවර වෙන්නට මත්තෙන් කළ වරද නිවැරැුදි කරගැනීමේ මාවත තෝරාගත්හ. එහෙත් ඒ වනවිටත් යළි පිළිසකර කළ නොහැකි ලෙසකින් යුද්ධය ලක්ෂ්මී වෙළා අවසන්ය. උතුරේ ඉදිරිපෙළ ආරක්‍ෂක වළල්ලේ ඇගේ කාණ්ඩයට අණ දෙන මොහොතක කඩාපාත් වූ මෝටාරයක් ඇය අතරමඟක නවතාලීය. ඉක්බිත්තෙන් අංශභාග රෝගියෙක් වූ ඇය එලෙසින්ම තම මඟට පිළිපන්නාය.
එහෙත් ඉන් නැවතුණු ජීවිතය අද සාමයේ මාවතේ යළි පණගැන්වී ඇත. සිය පුතු කැටුව හෙට දිනයේ ජීවිතය පණගන්වන්නට ලක්ෂ්මී පෙරුම්පුරමින් සිටින්නීය. සියුමැලි දෑතට ගිනි අවිය දරන්නට වූයේ ලක්ෂ්මීට පමණක්ම නොවේ. සංගීතාද යුද්ධයේ මාවතේ අතරමං වූ එක් කුසුමක් වූවාය.
වෛරයේ සේයාවකුත් නොවූ සංගීතාගේ දිවියට යුද සෙවණැල්ල වැටෙන්නේ අහම්බයෙනි. නොසිතූ මොහොතකදීය. දිනෙක අකුරු කරන්නට යන සංගීතාට සිතූ පරිද්දෙන් නැවත නිවසට යාමට නොහැකි වූයේ ද්වේශයේ උගුලක ඇය සිරවූ නිසාය. නිවස වෙනුවට එල්.ටී.ටී.ඊ.යේ වෑන් රථයක බලහත්කාරයෙන් පටවාගත් සංගීතාගේ දිවිය එතැන් සිට මිහිපිට අපායක්ම වූවාය.
ඇය වැනි තවත් මල් කැකුළු ගණනක්ම වෑන් රථයේ කඳුළු ගංගාවක අතරමංව වුන්හ. එහෙත් කඳුළුවලට වෛරයේ ගමන නතර කරන්නට නොහැකි විය. සිය ගණනක් සංගීතලා යුද කඳවුරුවල දිවියේ මඟ අතරමංව අවිවලින් සැනහෙන්නට වූහ.
‘එතැනදී බේරෙන්න කිසිම ඉඩක් තිබ්බෙ නෑ. කවුරුහරි පැනලා යන්න හැදුවොත් ඒ වැරැුද්දට දඬුවම වුණේ මරණය. අපිට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. අපි සටන් කළා. ඒත් අපි හැම තිස්සෙම හිත හිතා හිටියේ මරණය ගැන’
සුළු පුහුණුවකින් ඉක්බිත්තෙන් නවකයන් යොමු වූයේ ජීවිතයේ වාසනාව උරගා බැලීමටය. හරිහැටි පුහුණුවක්වත් නොලැබූ මල් කැකුළු ම්ලේච්ඡු, දරුණු සටන් පැවති ඉදිරි ආරක්ෂක වළල්ල වෙත ජ්‍යෙෂ්ඨයන් යොමු කළේ සිතේ අල්පමාත‍්‍රික හෝ තෙතමනයක් නැතිසේය. එහෙත් ‘නොපිපුණු කුසුම්’ තවදුරටත් සටන් සඳහා ගතින්වත් සිතින්වත් සුදුසු වූයේම නැත. දුබල සිරුරින් හා වෙඩි හඬින් වෙහෙසව හෙම්බත්ව සිටි ඔවුහු විටින් විට මරණය කරා දිව ගියහ.
එලෙසින් යුද්ධයේ සරදමට ලක්වූ තමා වැනිම සිය දහසක් මල් කැකුළුවල මතකය සංගීතාගේ දෙනෙත් බොඳ කළාය. ආපසු හැරෙන්නට ඉඩක් නොවූ තැන තවත් ටික දිනකින් සංගීතා මුහුදු කොටි සෙබළියකගේ චරිතයකට පණ දෙමින් සිටියාය. පුහුණුවේදී ජීවිත ආසාව පසෙකලා සැඩ මුහුදේ දින ගණනක් සංගීතා පිහිනුයේ නැවත ගොඩබිමට විත් ජීවත් වෙන්නට හැකි වේ යැයි ඇය සිහිනෙකින්වත් නොසිතාය. මැරෙන්නට සිතක් නොතිබුණද මරාගෙන මැරෙන්නටද ඇයට නියමිතව තිබිණි.
‘අන්තිම මාස කීපයේදී අපි ගොඩක් විඳෙව්වා. ඔවුන් මුහුදු කොටි සෙබළියන් පවා හමුදාවේ විශිෂ්ට අය සමග යුද්දෙට යැව්වා. අපි දැනගෙන හිටියා ජයග‍්‍රහණය ගැන බලාපොරොත්තුවක්වත් තියාගන්න ඉඩක් අපිට නැති බව. අන්තිමේදී අපි යටත් වුණා’
මේ ලැජ්ජාශීලී, නිහතමානී යෞවන කුසුම පෙරදී මාරක සටන්කාරියකි. මරාගෙන මැරෙන බෝම්බකාරියකි. එහෙත් දැන් ඇයට නිදහස් ජීවිතයකට දොර විවරව අවසන්ය.
ලක්ෂ්මීද සංගීතාද එවන් සිය දහසක්ද අද ඔවුහු සටන් වැදුණු බිමෙහිම සාමයේ මල් පීදෙනු බලා සිටිමින් සිටිති. වවුනියාවේ පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේදී අතරමඟකදී දමා ගිය දිවිය යළි ඔවුන්ට මුණගැසී ඇත. දැන් ඔවුන්ට ඇත්තේ හෙට දවසේ සිහිනයයි. ආපසු සිය ගමට යාමටත් තම කැමැත්තෙන්, වෙහෙසින් හරිහම්බ කරන්නටත් පැතූ පැතුම් ඔවුන් හිස දරා අවසන්ය.

රසිකා රාජපක්‍ෂ

පැය 24 න් නිධානය ගොඩදමයි



පැය 24 න් නිධානය ගොඩදමයි 

දඹරන් පිළිමය අතුරුදන්
 නිධානයේ මැණික් කිරෙන් නාවයි

මෙ දිනවල නිදන් හෑරීම යනු නිතර දෙවේලේ අසන්නට ලැබෙන්නකි. එහෙත් නියම ආකාරයෙන් නිධානයක්
ගොඩගන්නේ කෙසේදැයි මේ කිසි තැනකින් දැනගන්නට නොහැකිය. එහෙත් නිධාන
ගොඩගැනීමේදී භාවිත කරන විවිධ පියවරයන් අපට දැනගන්නට හැකිවිය. පුද්ගල ආරක්ෂාව මත ඔවුන් පිළිබඳ සටහන් කරන්නට නොහැකි වුවත් ඒ සත්‍ය කතාව ඔබ වෙත ගෙනහැර දක්වමු.
ගුවන් හමුදාවෙන් පලා ආ සාමාජිකයන් පස්දෙනකුත්, වෙද මහතකුත්, සිරිසේනත්, හමුදා නිළදාරියෙකු වූ ප‍්‍රසානුත් එතැන් සිට
නිදන් සොයමින් යන්නට විය. සැබෑවටම මෙකී කණ්ඩායමේ ගුරා වූයේ වෙදමහතායි. මේ වෙදමහතා ඔබ අප දන්නා කියන පරිදි වෙදමහතකු නොවේ. ඔහු යකදුරෙකි.
මේ පිරිස ඒ වනවිට ඉලක්ක කර සිටියේ ගල්නෑව ප‍්‍රදේශයේ තිබූ නිධානයක් වෙතයි. පැරැුණි රජ කල ගල් වඩුවන්ගේ සොහොනක් වූ ඒ ගැන විවිධ කතා ප‍්‍රදේශය පුරා පැතිර තිබුණි. නිදන් ගොඩදැමීම ජීවිකාව බවට පත්කොට සිටි මේ පිරිස තම අත දිගමානේ තිබූ මෙකී නිධානය ගැන විමසුම් දෑසින් සිටියහ.
නිධානයක් ගොඩදැමීම පහසු කාර්යයක් නොවූ නිසාම ඒ සඳහා වැඳුම් පිදුම් වත්පිළිවෙත් රැුසක්ම කරන්නට මේ පිරිසට සිදුවිය. නීති විරෝධී කටයුත්තක් වුවද සියලූ වත්පිළිවෙත් කරන්නට මේ පිරිස පෙළඹුණේ
සිතේ
තැන්පත් වූ බියමුසු හැඟීම නිසාමය.
මේ උදෙසා මූලිකත්වය ගෙන තිබුණේ වෙදමහතායි. තම පිරිසගේ හඳහන් බලවා නිධානය ගොඩදැමීමට සුදුසු නැකතක් සෙවීම ඔහුගේ පළමු කටයුත්ත විය. නැකත යෙදී තිබුණු දිනය පැමිණියේය. මස්මාංශ පිලී අනුභවයෙන් තොරව ශ‍්‍රී මහා බෝධියට පඬුරක් බැඳි මේ පිරිස තම වංචනික කටයුත්තට ආරක්ෂාව පැතීය. භාරයක්ද සිද්ධ කළ පිරිස නැවත ගල්නෑව වෙත පිටත්වූයේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ලැබෙතැයි යන පරම විශ්වාසයෙන් යුතුවය.
නිධානය තිබූ හේනට පැමිණි පිරිස තම කටයුතු උදෙසා යුහුසුලූ විය. නිධානයට අරක්ගත් බහිරවයන්
පලවාහැරීම භාරගත්තේ වෙදමහතායි. විෂ්ණු දෙවියන්ගේ අතවැසියෙක් වූ ඔහු බහිරවයන්ට එම ආත්මයන්ගෙන් මිදෙන්නට පින් අත්කර දෙන්නට පොරොන්දු විය. සොහොනට අරක්ගත් බහිරවයන් පිටත්ව ගිය පසු නිධානය මෙකී පිරිසගේ බලයට නතුවිය.
නිධානය පිහිටියේ හේනක් තුළ වුවත් සැබෑවටම කිසිවකුට එහි නිධානයක් ඇතැයි විශ්වාස කරන්නට නොහැකි වූයේ එය පිහිටා තිබූ ආකාරය නිසාවෙනි. හේනේ එක් තැනකින් අටපට්ටම් හැඩයේ ගල් කණු හතරක් පිහිටා තිබිණි. ඒ එකිනෙකට සමාන්තරවය. ගල් කණුවක් අඩි හතරක් පමණ උසින් පිහිටි අතර විශේෂය වූයේ එම ගල් කණු හතර මධ්‍යයේ අඩි දෙකක් පමණ උසින් ගල් කණුවක් තිබීමයි. නිධානය ගැන විවිධ ඉඟියන් මේ ගල් කණුවල තිබෙන බව ප‍්‍රසාන්ගේ විමසුම් දෑසට හසුවිය. වටේ පිහිටි ගල් කණු හතරේම ලියවැල් පිහිටි අතර ඒවායේ සිට මධ්‍යයට දික් වූ ඊතල නිධානයේ තතු එකින්එක ගෙන පෑවේය. මැද පිහිටි ගල් කණුවේ තිබූ ලක්ෂ්‍යය නිදන් වපසරියේ මධ්‍යය ගෙනහැර දැක්වීය.
සුබ කාලය බලා තම දිවිය ගොඩ දමන්නට සුදුසු නැකතේ පළමු පස්පිඩැල්ල කැපුණේ වෙදමහතා අතිනි. ඉතිරි පස්, පිරිස ඉවත් කරන්නට වූයේ සවල්, අලවංගු වැනි පිටින් ගෙනා බඩුබාහිර යොදමිනි. නිධානයේ වටිනාකම ඇති වන්නේ එය ලබා ගැනීමට ඇති අපහසුතාව නිසාමය. පස් ඉවත් කළ පිරිසට මීළඟට හමුවුණේ බදාම සහිත තට්ටුවකි. අඩි 2ක් පමණ ඝනකම වූ නිසාම අලවංගුවක් හා පිකස් එකක් උදව්වට ගන්නට මෙකී පිරිසට සිදුවිය. බදාම තට්ටුවෙන් පසු ගල්තට්ටුව මතු වූයෙන් පිරිස විද්‍යාත්මක විධි කරා යොමුවිය. ගල් තට්ටුවක් පලා දමන්නට පහසු ක‍්‍රමයක් වන්නේ බෝර දැමීමයි. එහෙත් මේ පිරිසට එය කළ නොහැකි වූයේ බෝර දැමීම නිදන් හාරන බව අණබෙර ගසා කියන්නාක් වැනි නිසාවෙනි. ලියවැලක් ගල් තට්ටුව වටේ ගලා ගොස් තිබූ අතර හරි මැද වූ තිත් ලකුණ පිරිස නිධානය වෙත ළංවන බව ඉඟි කළේය. මේ පිරිස ගල් තට්ටුව සිදුරු කළේ ‘හිල්ටි’ නම් යන්ත‍්‍රයෙනි. මෙයට විදුලිබලය ලබා ගන්නට වාහන බැටරියක් පිරිස පෙරදීම සූදානම් කර තිබිණ. හිල්ටි යන්ත‍්‍රයෙන් හයේ හතරේ වපසරියක ගල් ලෑල්ල මත අඟල් තුනෙන් තුනට සිදුරු සදන්නට පිරිස සමත් විය. ගල් මෘදු කරවන රසායන දියරක් හා වතුර මිශ‍්‍රකර මිශ‍්‍රණයක් (මිශ‍්‍රණයේ නම් සඳහන් කළ නොහැක* සෑදු මොවුහු ගල්වල සිදුරු මතට එය දැමුවේ ගල පලා දමන්නටය. එහෙත් එය ඇසිපිය ගසන පමණින් සිදු නොවීය. සිදුරුවලට ඇබ ගැසූ මොවුහු ගල්නෑවේ හේනෙන් වහන්වූයේ ගල පැලීයාමට පැය 12ක් වැනි කාලයක් ගතවන නිසාවෙනි. සැබෑවටම විඩාපත්ව සිටි පිරිසට මේ කාලය දිව ඔසුවක් විය.
පැය 12කින් නැවත පැමිණි පිරිස තම සිහිනය වෙනුවෙන් යළිත් කැපවන්නට විය. ඒ වනවිටත් ගල මෘදු වී තිබූ නිසා ගල් තට්ටුව පහසුවෙන් ඉවත් කරන්නට පිරිසට හැකිවිය. ගල් තට්ටුවට යටින් වැලි තට්ටුවක් විය. බැලූ බැල්මටම ඒ වැලි ඝනකම් සහිතය. වැලි කිලෝ 5ක් පමණ සවලෙන් ඉවත් කළ පිරිසට නැවත හමුවන්නේත් ගල් තට්ටුවකි. පෙර ලෙසටම ලියවැලක් පිහිටි එහි මධ්‍යයේද මත්ස්‍යයකුගේ රුවක් වූ අතර එහි මධ්‍යයේත් තිත් ලකුණක් විය. නිධානය අත ළඟ බව පිරිසට වැටහිණි. එහෙත් සිතූ ඉක්මනින් එය ලබන්නට නොහැකිය. පෙරදී ගල් තට්ටුව පැලූ ලෙසටම පැය 12ක කටයුත්තක් වෙනුවෙන් ඔවුන්ට බලා සිටින්නට සිදුවිය.
පෙර පරිදිම පැය 12කින් පසු බැලූ කල මෙකී ගල් තට්ටුව පහතින් පිහිටියේද සියුම් වැල්ලකි. එහෙත් මේ වැල්ල කහඹිලියා හා සමානය. ස්පර්ශ වුවහොත් කසන්නට සිදුවේ. පිරිසේ ගුරා වූ වෙදමහතා තම බලය පෙන්වන්නට මෙය අවස්ථාවක් කොට ගත්තේය. කහ පාටට වූ වැල්ල මැතුරූ ඔහු ඒ මතට වැලි අහුරක් දැමීය. ඒත් මේ පිරිසට මේ වැලි ගොඩදැමීම ලේසි පහසු නොවීය. මේ වැල්ල පිහිටියේ ඍජුකෝණාස‍්‍රාකාර බිමකය. කොන් තුනක ජල නලයන් විය. ඒවායින් මඳින් මඳ වතුර කාන්දුවෙමින් තිබිණ. සිතූ පරිදි වැලි ගොඩදමන්නට කටයුතු කළේ නම් සිදුවන්නේ අඟල් හයක පයිප්ප 3කින් ගලනවා වැනි ජල කඳකට හසුවන්නටය. එනිසාම හෙමින් සීරුවේ වැලි ඉවත් කරන්නට පිරිස යුහුසුලූවූහ.
දැන් පිරිස නිධානය ගැනීමේ ගමන් මෙඟ් අවසන් අදියරේය. අවසන් තට්ටුවද ගල්වලින් සැකසී තිබිණි. එහි දකුණු කොටසේ එක් කොනක බහිරව රූපයක්ද, වම් කොටසේ ඉහළින් කාලි අම්මාගේ නිරුවත් රූපයක්ද මේ පිරිසේ නිධානයේ ගමන්මඟ නිවැරැුදි බව කියා පෑවේය. එහෙත් පෙර ලෙස ගල පැලූණු විගසම එය ඉවත් කරන්නට මෙවර ඉඩක් නොවීය. දීර්ඝ කලක් සූර්ය තාපය නොමැති නිසා මේ ගල් තට්ටුව යටින් මීතේන් වායුව ඇතිව තිබිණි. මීතේන් මිනිසුන්ට දැඩි හානිකරය. නිදන් ගොඩ දමන්නට ගොස් මීතේන් වායුව වැදීම අපගේ ජනවහරේ නම්
පිළිගන්නේ මහසෝනා ගැසීමක් යනුවෙනි. එහෙත් සැබෑව වුණේ මෙකී හේතුවයි. එනිසා පිපිරවූ ගල් තට්ටුවෙන් ගලක් ඉවත් කර මීතේන් වායුවට පිටව යන්නට ඉඩ දුන්හ. ඉන් පසුව පිරිසට නිධානයේ අවසන් බාධාව හමුවිය. නිධානය තිබුණේ ගල් පෙට්ටියකය. මෙකී ගල් පෙට්ටිය ඉවතට ගැනීමට විංචියක් හා මන්කි ජැක් එකක් මේ පිරිස යොදාගන්නට වූහ.
පෙට්ටියේ තිබූ කොකු පිහිටියේ දෙපැත්තකටය. මේ දුටු ප‍්‍රසාන් වම් පැත්තට තිබූ කොක්ක දකුණටත්, දකුණට තිබූ කොක්ක වමටත් හරවා පෙට්ටිය විවෘත කරන්නට විය. ඔවුන්ගේ සිතිවිලි සඵල කරමින් පෙට්ටිය තුළ නිධානය විය. හොඳින් ඔප දමා තිබූ පෙට්ටියේ කාමර 4ක් විය. එහි එකක දඹ රන් පිළිමයක්ද අනෙකක මංජුසාවක්ද විය.
මෙසේ නිධානය ගොඩගත් පිරිස නිධානය ගොඩදැමීමට පිටින් ගෙනා බඩු භාණ්ඩ වළ දැමුවේ තමන්ගේ සිතැඟි ඉටුවීමේ ප‍්‍රීතියෙනි.
නිධාන ගොඩ දැමූ විට එය නැවත එයට හිමි තැනට යන බවට කතාවක් ඇත. ඔහුනගේ නිධානයට අත් වූ ඉරණම කුමක්ද? මීළඟ කොටසින් දැනගමු.පැය

නිධානය ගොඩගත් පිරිස සැනසුම් සුසුම් හෙළන්නට වූහ. එහෙත් සැනසුම් සුසුම් සෝ සුසුම් වන්නට වැඩි වේලාවක් ගත නොවුණි. වෙදමහතා අත වූ මැණික් මංජුසාව උදුරාගත් ප‍්‍රසාන් එහි වැස්ම ඉවත් කරන්නට අත තැබුවා පමණි. ගොරකා මද මෙන් ඇස් රතුකර ගත් වෙදමහතා ගෝරණාඩු කළේ තමා නඬේගුරා බව මතක් කරවමිනි.
‘හොඳින් මතක තියාගන්නවලා. හිතුමතේ මැණික් අතපත ගාන්න ගියොත් වෙන්නෙ කාටත් වස්තුව නැතිවෙන එකයි. වස් කපලා භාරහාර ඔප්පු කරනකම්වත් ඔය තදියම නතරකරගන්නවලා. නැත්නම් බහිරවයො මැණික් පුච්චන්ඩ ඉඩ තියෙනවා’
වෙදමහතාගේ ගෝරණාඩුවෙන් පිරිස තැන්පත් වුවද මෙකී පිරිසගේ සිතිවිලි නම් තැන්පත් නොවීය. සිරිසේන, ප‍්‍රසාන් දෙසද ප‍්‍රසාන් තම සගයන් දෙසද බලමින් එකිනෙකාට හොරෙන් සිතා බැලූවේ නිධානයේ වැඩි කොටස සතුකර ගන්නේ කෙසේදැයි කියාය. හතරවටින්ම ඇඳිරිය ගලා එන්නට විය. විටින්විට ඇසෙන බස්සන්ගේ හඬ හැරුණුවිට මිනිස් පුළුටක් ළඟපාතකවත් නොවීය. පිරිස කුඹුක් ගස් සෙවණේ විඩාහරින්නට සිතා මඳක් වාඩිවී සිටියහ. එහෙත් එක් අයකුට නම් විඩා හරින්නට ඉඩක් නොවීය. ඒ අන් කිසිවෙක් නොවේ වෙදමහතායි. සුදු රෙදි කඩකින් දඹ රන්් පිළිමයද, මැණික් මංජුසාවද එතූ ඔහු එය තම ළයට තදකොට ගත්තේ කිසිවකු එය සොරා ගනිතැයි බියෙන් මෙනි. බහිරවයන් මැණික් පිච්චීම එදා සිටම ජන වහරේ පැවතෙන්නකි. එහෙත් බහිරවයන් විසින් සැබෑවටම මැණික් පුච්චන්නේ නැත. සිදුවන්නේ දිගුකලක් සූර්ය කිරණ නොලැබී පොළොව අභ්‍යන්තරයේ ඇති නිදන් වස්තු සූර්ය කිරණ හා මනුෂ්‍ය ඇස්වල කිරණ හමුවේ කාන්තියෙන් අඩුවීමයි. එසේ සූර්ය කිරණ හා මිනිස් ඇසේ කිරණවලට ලක්වුවහොත් දිනක් දෙකක් ගතවනවිට මැණික් අවපැහැ ගැන්වේ.
ඈත මෑත බැලූ වෙදමහතා රැුල් බුරුල් හරින්නට විය. ‘කාටත් වහන්වෙලා යන්ඩ වෙලාව හරි වගේ’
පිරිස ඉක්මනින් ආපසු ගමනේ යෙදෙන්නට වූහ. ලඳු කැලෑ මැදින් ගමන් ගත් පිරිස අතරමඟකින් මහපාරට බැස ගත්හ. තකහනියේ නොවන්නේ නම් මේ මැදියමේ කිසිවෙක් මේ මෙඟන් ගමන් නොයන බව පිරිස දැන සිටියහ. එහෙත් ඒ දැන සිටීමේ අනාවැකිය මෙවර නම් නිවැරැුදි නොවුණි. ඈතින් කිසිවෙක් ඉදිරියට එමින් සිටියේය.
නිදන් ගොඩදැමීමේ පළමු අත්දැකීම ලබා සිටි ප‍්‍රසාන් ඉහින් කනින් ගැලූ ඩහදියෙන් තෙතබරිත විය.
‘ලොකු උන්නැහැලා බැහැරක්ද?’ ඔහු විමසන්නට විය.
‘ඔව් මේ පොඩි මැතිරීමක්’
මඳ සිනහවෙන් යුක්තව වෙදමහතා දුන් පිළිතුරෙන් සැකය දුරු වූයෙන් දෙපිරිස තම තමන්ගේ ගමනේ යෙදෙන්නට වූහ. කුකුළා හඬලන යාමය වනවිට ගල්නෑවේ නවාතැනට පිරිස පැමිණ සිටියහ. ගිමන් හරින්නට සිතුවද ඒ වෙනුවට තවත් බොහෝ කාලයක් බලා සිටින්නට සිදුවූයේ වෙදමහතාගේ සිතේ මේ වනවිටත් සැලසුම් රැුසක්ම පැවතුණු නිසාය. දේව මණ්ඩල පූජාව ඉන් පළමුවැන්නයි. දෙවියන්ගේ දෙයක් අත්පත් කරගත් නිසාවූ යටහත්පහත් සිතින්ද කිසිම අපල උපද්‍රවයකින් තොරව දෙව් රැුකවරණය ලැබුණු නිසා පැහැදුණු පිරිස පූජාව සඳහා හරිබරි ගැසෙන්නට වූහ. එළකිරි මුට්ටි හතක් සොයා සිරිසේන හිමිදිරියේම පිටවූයේ වෙහෙස නොතකමිනි. මල්වර්ග පහකුත්, තෙලින් සෑදු කැවිලි පහකුත්, කහ වතුර, තෙල්, පහන්තිර ආදී අඩුවැඩිය සකසා ගන්නා විට එදා දවසේ අවසන් හෝරා කිහිපයට ළංව තිබිණි.
? සඳ පායා තිබිණි. නිසල බව බිඳින්නට අතරින්පතර හමා ගියේ වියළි සුළඟකි. වෙදමහතා මැතිරීමෙන් වැඩ අල්ලන්නට විය. මේ කිසිවක් නොදත් ප‍්‍රසාන් මේ දෙස බලා සිටියේ තේරුම්ගත නොහැකි ලෙසකිනි. සැබෑවටම මේ වනවිටත් ප‍්‍රසාන්ගේ සිත වෙනස් මඟකට ගමන්කොට තිබිණි. යුද හමුදාවේ සිටියද ඔහුගේ සිත නිදන් වස්තු පෞරාණික දෑ වෙත ඇදී ගොස් තිබුණි. මෙවර නම් එය තවත් ලියලා වැඩුණි. දැන් ඔහුට උදා වී ඇත්තේ කදිම අවස්ථාවකි. ප‍්‍රසාන් සිතුවේ වෙදමහතා සමගින් එක්ව තව තවත් මේ මෙඟහිම යන්නටය.
එහෙත් ඒ ගැන කතාවට ඉඩක් ලැබුණේම නැත. කළ යුතු වත්පිළිවෙත් හමුවේ යුහුසුලූ වන්නට මෙකී පිරිසට සිදුවූයේ හුස්ම ගන්නටවත් ඉඩක් නොතබමිනි. දැන් එළඹ ඇත්තේ මැණික් කිරෙන් නෑවීමේ අවස්ථාවයි. මුට්ටි හතක වූ කිරි වෙතට මැණික් දමා මැණික්වල වස් කැපීම සිදුකළ යුතු විය. සියලූදෙනා බලා සිටි මොහොත එළඹුණි. වෙදමහතාගේ දෑතින් මැණික් මංජුසාව විවෘත විය. ඉහළට ගත් හුස්ම පහළට හෙළන්නට මෙකී පිරිසට මොහොතක් අමතක වූහ. හැකි තරම් එළියට නෙරාගත් දෑස්වලින් වෑහුණේ තෘෂ්ණාවයි. එහෙත් මෙවරද හදිසි වූවා වැඩිය. පැතූ සේ එකවරම මැණික් අත්ලට ගත නොහැකි විය. මැණික් මංජුසාව වැසී තිබුණේ ලාටු වැනි මිශ‍්‍රණයකිනි. එතුළින් වෙන් වෙන්ව මැණික් අත්ලට ගත නොහැකි විය. වෛරෝඩියක්, විරල කාක නිලක්, ගෝමේදයක්, රත්න පද්මරාගයක්, මරකත පච්චයක්, නිලක් හා සුදු ගලක් ලෙස වූ මහර්ඝ වස්තුව තිබුණේ මෙකී ලාටුව තුළය. මැණික් එකිනෙක වෙන් වන්නට නම් එළකිරෙන් නෑවිය යුතු විය. ඒ අනුව එළකිරි වෙත මැණික් සහිත ලාටුව දමන්නට විය. දැන් වෙදමහතා සිටින්නේ කිව නොහැකි තරම් ප‍්‍රීතියෙනි. ඒ සිය තුරුම්පුව නිවැරැුදි එල්ලයටම ගමන් කිරීමේ ප‍්‍රීතියෙනි.
ඒ හැර තවත් ප‍්‍රීතියක් වෙදමහතාට විය. එහෙත් එය දැන සිටියේ වෙදමහතාගේ යටිසිතය. එනිසාම අරපරෙස්සමෙන් හැසිරීමට වෙදමහතා වගබලා ගත්තේය. මේ කිසිවක් නොදත් ප‍්‍රසාන් ඇතුළු පිරිස වෙදමහතාගේ අණ හිස්මුදුනින් පිළිගන්නටත් ඒවා ඉටුකිරීමටත් සැදීපැහැදී සිටියහ.
මෙසේ මැණික් කිරෙන් නෑවීමේ කර්තව්‍ය අවසන් විය. දැන් එළඹ ඇත්තේ තම අග‍්‍රඵලය සිප අතගා බැලීමේ වේලාවයි. එකිනෙකා පරයමින් ඉදිරියට ආ පිරිස එලෙසම නැවතුණේ වෙදමහතාගේ තරවටු බැල්ම නිසාය. මැණික් සියල්ල සුදු රෙදිකඩක ඔතා ගත් වෙදමහතා ඒ දෙස නොබලාම මිදුලෙහි වූ සුවිසල් සියඹලා සෙවණට ගියේය. මේ ? මැදියමයි. ? සඳ හැරෙන්නට බලා සිටින්නටද කිසිවෙක් නැත.
නඬේගුරා වූ වෙදමහතා පිරිස සියඹලා සෙවණට කැඳවීය. ‘හෙට හිමිදිරියෙම මේ අය දස බහිරව පූජාවට කළමනා රැුස්කරන්න  ඕනි. මතක තියාගන්නවා හොඳයි. කාටත් සැකයක් නොහිතෙන්න අඩුවැඩිය එකතු කරගන්න පරිස්සම් වෙන එක’
එදින පිරිස නිදන්නට ගියේ තවත් බරක් හිසෙහි තබාගෙනය.

ගොම්මන වනවිට රත්හාල් බත්, කුර රොටී, රත් තම්පලා මාළුව, කැවිලි හා පලතුරු දහයකින් යුතු වූ කළමනා ලකලෑස්ති විය. දස බහිරවයන්ට එක බැගින් කිරිබත් කැබලි කපා බහිරව ගොටුද සූදානම් විය.
රැුයේ සුළංවලට මැදි වූ මන්ත‍්‍ර හඬ ඉහළින් ඇසෙන්නට විය. දැන් එළඹ ඇත්තේ පූජාවේ උච්චතම අවස්ථාවයි. පිරිස වෙදමහතා දෙස ඇසිපිය නොහෙළා බලා සිටින්නට විය. එකවරම වෙදමහතා දිෂ්ටි විය. දිෂ්ටි වූ වෙදමහතා බහිරවයන් හා කතාකරන්නට පටන් ගත්තේය.
පුරාණ කාලයේ සිටම බැඳෙමින් රැුකි නිධානය අත්හරින්නට බහිරවයන් අකැමැති විය. එහෙත් නිධානය අතැර යන්නට මෙකී පිරිසටද නොහැකිය. වෙදමහතා දිෂ්ටියෙන්ම බහිරවයන්ට තේරුම් කරන්නට පටන් ගත්තේය. විටෙක උස් හඬින්ද තවත් විටෙක බැගෑපත්වද ආයාචනා හමුවේ අවසානයේ බහිරවයන් නිධානය අතැර යන්නට පොරොන්දු විය. එයින්ද නොනැවතුණු වෙදමහතා බහිරවයන්ට සෙත සදන්නටද වෙහෙසුණි. පිරිත් හා බණ කීමෙන් බහිරව ආත්ම නිදහසට මඟ පෑ¥ අතර පිරිත් හා බණ ඇසීමෙන් නිදන් හෑරූ පිරිසගේ සිතටද අස්වැසිල්ලක් ගෙන දුනි. පසුදින සැලසුම වූයේ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනය කර භාර ඔප්පු කිරීමයි. පසුදා අලූයම අවදි වූ පිරිස සුදුවතින් සැරසුණහ. දැන් නම් කිසිවකුට මොවුන් නිදන් හැරූ හොර කල්ලියක් බව කියන්නට නොහැකිය. මොවුන්ගේ සිතේ වූ කිළිටිද, ගතේ වූ කිළිටිද වසන්නට සුදුවතට හැකි විය.
වෙදමහතා ජය සිරි මහ බෝ සමිඳුන් අභියස වැඳ වැටුණි. අන් පිරිසද ඔහුව අනුගමනය කරන්නට වූහ. හැකි ඉක්මනින් භාරය ඔප්පු කළ ඔවුහු වැඩි වේලාවක් නොරැුඳී අනුරපුරයෙන් පිටවූයේ තදබල හදිසියකිනි.
අතරමඟකදී එක් වූ ඔවුහු මැණික් ගල් සියල්ල බෙදා ගැනීමටත්, දඹ රන්් පිළිමය පූජා කිරීමටත් තීරණය කළහ. ඒ වෙදමහතාගේ මූලිකත්වයෙනි. නිධානයේ වැඩි කොටසක් පූජා කිරීමට පිරිසේ වැඩිදෙනා අකැමැති වුවද වෙදමහතාගේ තීරණය එය වූ නිසාම වෙන කරන්නට දෙයක් නොහැකි විය.
අනතුරුව වෙදමහතා හා ප‍්‍රසාන් එක්ව තම ගමන යන්නට තීරණය විය. නිධානය ගොඩගත් සිරිසේන ඇතුළු පිරිසට මැණික් ලබා දුන් වෙදමහතා සුදු ගලත්, දඹ රන්් පිළිමයත් රැුගෙන නැවත කලාවැව වෙත ගියේය.
ඒ යන අතරතුර දඹුල්ලේ ස්වර්ණාභරණ වෙළෙඳසලකට වෙදමහතා හා ප‍්‍රසාන් ගොඩවූයේ වෙදමහතාගේ පැවති සැලසුමේ පළමු පියවර ලෙසය. එහිදී කැරට් දහසයේ රත්තරන් දඹ රන් පිළිමයේ ඇති බව දැනගන්නා වෙදමහතා අනාගතය පිළිබඳ සුබ සිහින රැුසක්ම ගොඩනගාගන්නට විණි.
පසුදා රත්නපුරයට යන ප‍්‍රසාන් හා වෙදමහතා ලක්ෂ 60කට සුදු මැණික විකිණීය.
කාලය ගතවනවාත් සමගම දඹ රන්් පිළිමය විකිණීමද කල් ගතවිය. ප‍්‍රසාන් හා වෙදමහතා අතර ඇතිවූයේ පිය පුතු බැඳීමකි. ප‍්‍රසාන් වෙදමහතාගේ ශාස්ත‍්‍රයද උගනිමින් ඒ නිවසේම කල් ගෙවන්නට විය. මේ අතර තවත් අමුත්තෙක් වෙදමහතා හා මිත‍්‍රවිය. ඔහු නමින් අතපත්තුය. නිතර නිතර මැතිරීම් වැනි වැඩකටයුතු උදෙසා ඔහු වෙදමහතාගේ නිවසට නිතර යන එන පුද්ගලයකු විය. කාලය ගතවීමත් සමගම වෙදමහතා අතපත්තු සමගින් දඹ රන්් පිළිමයේ කතාවද කී අතර විවිධ අවස්ථාවන්හිදී එය ඔහුට පෙන්වන්නටද විය.
මෙකී සම්බන්ධයේ ප‍්‍රතිඵලයක් ලෙස වෙදමහතා අතින් දඹ රන්් පිළිමය අතපත්තු වෙතට ගියේය.
මුදල්හදල් අතින්ද අන් පැති අතින්ද අතපත්තු සිටියේ බරපතළ අර්බුදයකය. මෙවන් කාලයක ඔහු වෙදමහතා අතින් දඹ රන්් පිළිමය ලබාගනු ලැබුවේ වැඳුම් පිදුම් කිරීම සඳහාය.
ඔහු එය ලබාගත්තේ වැඳුම් පිදුම් කරන්නට වුවද ටික කලකින්ම මේ අදහස වෙනස් වන්නට විය. අතේ පිච්චියක්වත් නොමැති විට අතපත්තු දඹ රන්් පිළිමය දෙස බලා හූල්ලන්නට විය. අවසානයේ ඔහු තීරණයක් ගත්තේය. ඒ පිළිමය විකුණා දමන්නටය.
අනතුරුව කෑගල්ලට යන ඔහු පිළිමයේ පිත්තල අනුරුවක් ගෙන එය නිවසේ තබන අතර දඹ රන්් පිළිමය ගැනුම්කරුවන් වෙත රැුගෙන යන්නට විය.
අතපත්තු යනු පුරසාරම් දෙඞීමට කැමැත්තක් දක්වන්නෙකි. ඔහු තමා සතු දඹ රන්් පිළිමය ගැන කියූ විස්තර ප‍්‍රදේශය පුරාවට පැතිර ගොස් අවසානයේදී නැවතුණේ ප‍්‍රදේශයේ පොලීසියේද කන වැකීමෙනි.
එතැන් සිට අතපත්තු පිළිබඳ පොලිස් විමසුම් දෑස යොමු විය. පොලිස් උපාය ¥තයන් දෙදෙනෙක් ඒ සඳහාම වෙන් විය. දිනක් පොලිස් උපාය ¥තයන් දෙදෙනා අතපත්තු හමුවන්නේ දඹ රන්් පිළිමය මිලදීගැනීමට එන ගැනුම්කරුවන් ලෙසිනි. ඒ අනුව තමන් හෙට දින දඹ රන්් පිළිමය ලක්ෂ 50කට මිලදීගන්නා බව පවසන උපාය ¥තයන් පිටව යන්නේ පොලිස් සැලසුමේ පළමු පියවරට අතපත්තු හසුකර ගනිමිනි.
එදින අතපත්තුට ප‍්‍රීතිමත් දිනයකි. ඔහු එය සමරන්නේ මත්වතුර අඩියක් තම තොල ගා ගනිමිනි. ඉන්පසු ඔහු අනියම් බිරිඳගේ සැපදුක බලන්නටද ගියේය. අනියම් බිරිඳගේ නිවසේ ඔහු විසින් සෑ¥ පිළිමයේ අනුරුවද විය. මෙතැන් සිට වෙදමහතාට පෙන්වන්නට සිදුවන්නේ එයයි. එම පිළිමයත්, සැබෑ දඹ රන්් පිළිමයත් සේප්පුවට දැමූ අතපත්තු එදින නින්දට යන්නේ අනාගතය ගැන සුබ සිහින දකිමිනි. පසුදාට පහන් විය. අතපත්තු එදින හිමිදිරියේම තම හිතවතා වූ ප‍්‍රාදේශීය දේශපාලනඥයාගේ නිවසට යන්නේ මෙකී සුබ ආරංචිය ඔහුට දන්වනු පිණිසය. එම නිවසේ කාලය ගත කළ අතපත්තු නියමිත වේලාවට ගනුදෙනුව සඳහා පැමිණියේ තමා පොලීසියේ උගුලට හසුවූ බව නොදැනය.
කෙටි කාලයකින්ම රටේ පුවත්පත්වල හා ජනමාධ්‍යයේ එක් මාතෘකාවක් බවට අතපත්තු පත්වූයේ මෙම නිදන් කොල්ලයේ කරුණු කාරණා රාශියක් හෙළිකරවමිනි.
මෙය වෙදමහතාගේ කන වැකිණි. ඔහු ප‍්‍රසාන් හා එක්ව සොයා බලනුයේ දඹ රන්් පිළිමය පිළිබඳය. එහෙත් අතපත්තු අත්අඩංගුවට ගන්නා විට එයද පොලිස් භාරයට ගෙන තිබිණි. කළ හැකි කිසිවක් නොවීය. මාස තුනක් පමණ කාලය ගතවන්නේ අතපත්තු රක්ෂිත බන්ධනාගාර ගතකරමිනි.
මාස තුනකට පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දඹ රන්් පිළිමය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරන්නට විය. සිදුවී ඇත්තේ පුදුමයකි. අතපත්තු අත්අඩංගුවට ගන්නා විට භාරයට ගත් පිළිමය රන් පිළිමයක් නොවේ. ඒ හේතුවෙන් අතපත්තු නිදහස් විය. මෙසේ නිධානය හෑරූ අයද, එය ළඟ තබාගත් අයද සියලූ ප‍්‍රශ්න හමුවේ නිදහස් විය. එහෙත් එක් ගැටලූවක් ඇත. එනම් දඹ රන්් පිළිමය ගැනය. එය අදද කොහේ හෝ තිබෙන්නට හැකිය. ඒ ඇතැම්විට මෙරටය. නැතිනම් විදේශයකය. එසේත් නැතිනම් මහ පොළොවටම අයත් වූ නිසා මහ පොළොවටම ශේෂ වූවාදැයි අදටද ප‍්‍රශ්නාර්ථයකි.

රසිකා රාජපක්‍ෂ
අනුරුද්ධ වේලාරත්න

Tuesday, January 22, 2013

මුහුදු පතුලේ සැගව ගිය ආසියාවේ ආශ්චර්යය


මුහුදු පතුලේ සැගව ගිය ආසියාවේ ආශ්චර්යය

කලකට පෙර මුහුදු පත්ලේ සැඟව සිටි ‘ටයිටැනික් නෞකාව’ පිළිබඳ කතාව ලොව බොහෝ දෙනෙක් තුළ ඇති කළේ අපූරු කුහුලකි. එදා යුරෝපය ඇතුළු ලොව පුරා බොහෝ දනන් මුහුදු පතුලේ සැඟව සිටි ටයිටැනික් ගැන සොයා බැලූවාක් මෙන් ලක්වාසී අපටද උද්යෝගයෙන් සොයා බැලිය යුතුම කාරණයක් මුහුදු පතුලේ සැඟව තිබේ.
ඒ අන් කිසිවක් නොව පෞරාණික නෞකාවකි. මීට වසර දෙදහස් ගණනකට (සියවස් විසි දෙකකට* පෙර මුහුදු පතුල වැළඳගත් එකී නෞකාව අද ගැඹුරු මුහුදු පත්ල වෙන් නොවන ලෙස තදින් බදා වැළඳගෙන සිටියි. මෙකී පෞරාණික නෞකාව වසර 2200කට පමණ පෙර අතීතයකට උරුමකම් කීම පමණක්ම නොව දැවයෙන් නිමවා තිබීමද එහි විශේෂත්වයකි.
අද බොහෝදෙනෙක් මේ සුවිශේෂී නෞකාව ගැන කතාබහ කළද ලොවට හොරෙන් මුහුදු පත්ලට වී සැඟව සිටි මේ නෞකාව නෙත ගැටුණේ 2003. අම්බලන්තොට ප‍්‍රදේශයේ හක්බෙල්ලන්, මුහුදු කූඩැල්ලන් සොයා මුහුද පීරූ කිමිදුම්කරුවන් දෙදෙනෙකුගේ අහම්බෙනි. ඒ පිළිබඳ ඔවුහු ඒ ප‍්‍රදේශයේ කැණීම් කටයුතු කළ නිලධාරියකුට දැන්වූයේ එහි වටිනාකම යම් පමණක හෝ අවබෝධ කොටගත් නිසාවෙනි. ඔහු හරහා ඒ පුවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබෙනා අතර ඒ සමගින් ලොවට වහන්ව මුහුදු පත්ලේ සිටි පැරැුණි නෞකාව ගැන තතු ලොවට හෙළිවන්නට වූයේය.
ඒ අනුව 2007දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල සමගින් මුහුදු පුරාවිද්‍යා අංශය එක්ව මෙම පෞරාණික නෞකාව පිළිබඳ මූලික පර්යේෂණ කටයුතු ඇරඹීය. 2012 වසරේදී සහ 2013 මුල් කාලයේදී සිදුකළ පර්යේෂණයන්ගෙන් මෙය මුහුදු පතුලේ සැඟව සිටි තවත් එක් පෞරාණික නෞකාවක් පමණක් නොව සියවස් ගණනාවක අතීතයක් දරා සිටිනා නොෟකාවක් බවට පසක් වී ඇත.
අතීත සාක්ෂින් සඟවා ගනිමින් මුහුදු පත්ලට වී සිටිනා මෙම නෞකාව ඇත්තේ කාටත් හුරුපුරුදු තැනකය. ඒ වත්මන් මහින්ද රාජපක්‍ෂ වරායේ ද්වාරයේ සිට කිලෝමීටර තුනක් පමණ ඈතට වන්නට මුහුදු පත්ලේ අඩි 120 - 125ක් පමණ ගැඹුරකය.
මේ නෞකාව දිගින් මීටර් 20ක් පමණය. පුරාවිද්‍යාත්මක සාධකයන් අනුව ක‍්‍රිස්තු පූර්ව 1-2 අතර කාලයට අයත් බවටද මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ අනුමානයකි.
මෙම නෞකාව මුහුදුබත්ව ඇත්තේ මෙම ප‍්‍රදේශයේ මුහුදේ ඇති චණ්ඩ බව නිසා හෝ වැඩි බර පරිමාව පාලනය කරගත නොහැකි වීමෙන් හෝ නාවික, යුද, තාක්ෂණික ක‍්‍රියාවක් වැනි කරුණු කාරණා මත විය හැකිය බව ඔවුන්ගේ අදහසයි.
එසේම මෙම නෞකාවෙන් හමුව ඇති වළංකටු, වීදුරු, ඇඹරුම් ගල් ආදී දෑ පිළිබඳ කාල නිර්ණය කළ විට එය අනුරාධපුර මුල් යුගය දක්වා වූ අතීතයකට දිව යෑමද විශේෂත්වයකි. එමෙන්ම මෙම නෞකාව යුද කටයුතු සඳහා භාවිත කළ නෞකාවක්ද භාණ්ඩ එහා මෙහා ප‍්‍රවාහනය කළ නෞකාවක්ද නොඑසේ නම් මගීන් ප‍්‍රවාහනය කළ නෞකාවක්ද යන්න මේ වනතුරුත් නියමාකාරව සොයාගෙන නොමැත.
එමෙන්ම මෙරට මුහුදු සීමාවට වී සැඟව සිටියද නෞකාව සැබෑවටම කුමන රටකට අයත්දැයි ස්ථිර ලෙසින් කිව නොහැකිව ඇත. එමෙන්ම මේ නෞකාව මිනිසුන් 10-15 දෙනෙක්ට පමණ සරිලන ප‍්‍රමාණයේ නෞකාවක් බවත් මෙහි සිට හමුවූ දෑ මුහුදු ගමනේදී එම පිරිස භාවිත කළ දෑ විය හැකි බවත් අනුමානයකි. එසේ පවසන්නට විශේෂම හේතු කාරණාවන් වනුයේ මෙම භාජන මළ මැලියම් බැඳී ඇති නිසා බව මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
නෞකාවේ අතීතය හාරා ඇවිස්සීමේදී බාධාවක්ව ඇත්තේ මෙම නෞකාව නිමවා ඇති ලී මේ වනවිටත් මුහුදු කොරල් බවට පත්ව තිබීමය.
එහෙත් නැව නිමවා ඇති දැව වර්ගය අනුරාධපුර මුල් යුගයට හිිමිකම් කියනා බවත් ඉන් හමුවූ මැටි භාජන ක‍්‍රිස්තු පූර්ව 1-2 යුගවල සලකුණු පානා බවත් හෙළිව තිබේ. එලෙසින් මෙරට සියවස් ගණනාවක අතීතයක් ගැන සඟවා සිටි රහස් එකින් එක මේ වනවිට හෙළිවෙමින් තිබේ.
එහිදී තිස්සමහාරාමය අනුරාධපුරය හා සමගාමී පැරැුණි රාජධානියක් වූ නිසාවෙන් මෙවැනිම වූ අතීත උරුමයන් තිස්සමහාරාමයෙන්ද හමුව ඇති බැවින් දැවෙන් කරවූ මෙම නෞකාව එබඳු ඈත අතීතයක උරුමයක් බව මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. එනිසාම අතීත උරුමයක් දරමින් මුහුදු පත්ලේ සිට මෙසේ හමුවූයේ ආසියාවේ පැරැුණිතම නෞකාව ලෙසද මේ වනවිට සැලකිය හැකිය. අතීත සිරිලක සේද මාවතේ වෙළෙඳාමේ ආ බොහොමයක් දෙනා නොවැරැුදී ආ ගිය මර්මස්ථානයක් බව ඉතිහාසය සාක්ෂින් මඟින් ගෙනහැර දක්වද්දී එකී කර්තව්‍යයට උරදුන් ඉපැරැුණි වරායන් වන නාගපට්ටම්, ගෝකණ්ණ, ගොඩවාය, මාන්තායි වැනි වූ වරායන් ක‍්‍රිස්තු පූර්ව යුගවල සිටම නාවිකයන් භාවිත කර ඇති බවට ඉතිහාසය කරුණු දක්වයි. එකී කරුණු වඩා හොඳින් සනාථ කරන්නා වූ සාධකයක් ලෙසින්ද මෙම නෞකාව පෙන්වා දිය හැකිය. එහිදී
ඉපැරැුණි ගොඩවාය වරාය සමීපයෙන් හමුවූ නිසාවෙන් මෙම නෞකාවෙන් වසර දෙදහස් ගණනකට ඈත අතීතයක සැඟවුණු අක්මුල් නුදුරේම ලැබෙනු ඇත. ගොඩවාය ගෝඨපබ්බත විහාරයේ ඓතිහාසික ශෛලමය ලිපියක් ඇති අතර එහි සඳහන් වනුයේ ගොඩවාය වරායෙන් ලබාගන්නා වූ බදු මුදල් එකී විහාරයේ දියුණුව පිණිස යෙදවිය යුතු බවයි. ඇතැම් විට මුහුදු පතුලේ සැඟව සිටිනා මෙම නෞකාව ගොඩවාය වරාය ගැන ඉන් ඔබ්බෙන් වූ තතු නුදුරේම හෙළිදරව් කරනු ඇත.
ජාත්‍යන්තර වශයෙන් නම් දරා ඇති සෝබෝන් විශ්වවිද්‍යාලයත් ටෙක්සාස් විශ්වවිද්‍යාලයත් ෂභ් ආයතනයත් මෙරට මුහුදු පුරාවිද්‍යා අංශයත් සේවාවන් සැපයීමෙන් මෙරට මාස්ටර් ඩ‍්‍රයිවර්ස් ආයතනයත් සමගින් මෙම ගවේෂණයන් සඳහා එක්ව සිටියි.
මෙහිදී මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා කිමිදුම්කරුවෙක් ලෙස තමන් ලැබූ අත්දැකීම් හරහා පැවසුවේ මෙය අපේ ඉතිහාසය පිළිබඳ වැදගත් අවස්ථාවක් බවය. ඒ වගේම අතීත ගොඩවාය මෙරට වැදගත් වරායක් වූ බවද අතීතයේ ගොඩවායට පැමිණි නැව්වලට ආපසු කොළඹ දෙසට නොපැමිණ ඉන්දියාවට යෑමේ හැකියාවත් තිබූ බවය. අතීතයේ මෙරටට මැණික්, ඇත්දළ වැනි දෑ මිලදී ගැනීමට සහ වෙළෙඳාම් කිරීමට වෙළෙඳුන් පැමිණි බවත් එහිදී හම්බන්තොට ආශ‍්‍රිතව වසරේ එක් කාලයක් දියකඩ එක් පැත්තකටත් අනිත් කාලයේ අනෙක් පසටත් ගමන් කිරීම නිසා තෙල් නොමැතිව රුවල් මඟින් නැව් ගමනාගමනය කිරීමට හැකියාවක් තිබූ බවය. මෙසේ අම්බලන්තොටට ආ නැව කුඩා පරිමාණයේ නැවක් බවත් මේ අරාබිකරයට යකඩ, තඹ ප‍්‍රවාහනය පිණිස යොදාගත් නැවක් බවත් ඔහුගේ මතයයි. වසර 2200කට පමණ ඉහතදී යුරෝපය, ඇමෙරිකාව සොයාගෙන නොතිබූ බවත් මේ හරහා පෙනී යන්නේ අතීත ශ‍්‍රී ලංකාවේ දියුණුව බවත් ඔහුගේ අදහසයි.

රසිකා රාජපක්‍ෂ
විශේෂ ස්තුතිය :
මුහුදු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ